Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නවාස් ෂරීෆ්ගේ බිරිද අභාවප්‍රාප්ත වෙයි

පාකිස්තානයේ සිරගතව සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිද කුල්සූම් නවාස් අභාවප්‍රාප්ත වෙයි.
 
ඇය ලන්ඩනයේ පිහිටි රෝහලකදීයි අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
කුල්සූම් නවාස් මියයන විට 68 වන වියෙහි පසුවිය.
 
ඇය 2017 වසරේ සිට පිළිකා රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇයට පසුගිය ජුනි මාසයේ දී හෘදයාබාධයක් ද ඇතිවී තිබුණි.
 
නවාස් ෂරීෆ් වෙනුවෙන් පෙනී සිටිමින් ඇය 2017 වසරේ දී පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස පත් විය. නමුත් ඇය පිළිකා රෝගය හේතුවෙන් විදෙස් ගතව ප්‍රතිකාර ලැබීම නිසා ඇයට මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට නොහැකි විය.
 
ඇයගේ සැමියා සහ දියණිය පසුගියදා අධිකරණ නියෝගයක් හේතුවෙන් පාකිස්තානයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();