Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුසියාව සිය විශාලතම යුධ අභ්‍යාසය දියත් කරයි.

Russia

සීතල යුද්ධයෙන් අනතුරුව රුසියාව සිය විශාලතම යුධ අභ්‍යාසය දියත් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.  ඒ, හමුදා භටයින් තුන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් නැගෙනහිර සයිබීරියාවේදී බව සඳහන් වේ.

එය යුද ටැංකි 36000ක්, ගුවන් යානා 1000ක් සහ යුද නෞකා 80කින් සමන්විත බවත් චීන හමුදා භටයින් 3200ක් සහ මොංගෝලියානු හමුදා භටයින් ඒ සඳහා එක්ව සිටීම ද විශේෂත්වයක් බවත් පැවසේ.

වොස්ටොක් – 2018 ලෙස නම් කර ඇති එම යුද අභ්‍යාසය සතියක් පුරා පැවැත්වෙනු ඇති බව සඳහන් වේ.

රුසියාව අවසන් වරට මෙවැනි යුද අභ්‍යාසයක් පවත්වා ඇත්තේ 1981 වසරේදී ය.

යුද අභ්‍යාසය අතරතුර නැගෙනහිර සයිබීරියාවේ වලදිවස්තොක් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවී ඇති අතර  එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කර ඇත්තේ, දේශපාලන මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රවලින් ද චීනය සමග විශ්වාසනීය බැඳීමක් පවතින බව ය.

The post රුසියාව සිය විශාලතම යුධ අභ්‍යාසය දියත් කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();