Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පණුවන් සහිත ටින් මාලු තවම වෙළඳපොලේ, බළධාරීන් නිහඬයි..

National_Movement _for_Consumer_Rights_Protectionin

පණුවන් සහිත ටින් මාලු තවම වෙළදපොලේ බවත් බළධාරීන් නිහඩ බවත් පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

මෙරටට ආනයනය කල පණුවන් සහිත ටින් මාලු අංඩංගු බහාලුම් (containers) 74 ආනයනකරුවන් වෙත මුදා නොහැරීමට 2018 මැයි මස දී ශ්‍රී ලංකා රේගුව තීරණය කළ අතර ඊට හේතු වූයේ එම ටින් මාලු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS ) ප්‍රමිති 591ට අනුකූල නොවන බැවිනි. එම බහාලුම් තුළ ටින් මාලු කිලෝ ග්රෑම් 137000 ක් අඩංගු විය. ඒවායේ වටිනා කම රුපියල් මිලියන 388 කට ආසන්නය. සෞඛ්‍ය අමාත්‍යංශය හා පාරිභෝගික කටයුතු අධිකාරිය මේ පිළිබදව වෙන වෙනම පරීක්ෂණ පැවැත් වූ අතර පසුව ශ්‍රී ලංකා රේගුව මෙම ටින් මාලු පාරිභෝගිකයින්ට අලෙවි නොකිරීමේ කොන්දේසි මත ආනයනකරුවන් වෙත මුදාහරින ලදී.

එම ටින් මාලු මේ වන විට රට පුරා අලෙවිවන බැවින් ටින් මාලු පරිභෝජනයේදී සැළකිලිමත් වන ලෙස අප සංවිධානය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හා පාරිභෝගික කටයතු අධිකාරියෙන් අප ප්‍රශ්ණ කර සිටින්නේ එම ටින් මාලු පිළිබදව සාධාරණ පරීක්ෂණයක් කළාද ? යන්නයි.

එම පරීක්ෂන පැවැත් වූ නිළධාරීන්ගේ ක්‍රියා කළාපය හා ඊට සම්බන්ධ ව්‍යාපාරිකයින්ගේ තොරතුරු ළගදීම රටට ‌ෙහළි කිරීමට බලාපොරොත්තුවන බවද වැඩිදුරටත් සදහන් කරමි.

 

The post පණුවන් සහිත ටින් මාලු තවම වෙළඳපොලේ, බළධාරීන් නිහඬයි.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();