Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා වොලිබෝල් පිල අද එක්සත් අරාබිය හමුවෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

පළමු වරට සංවිධාන වූ ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද අවසන් පූර්ව වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල හමුවෙති. මේ තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල පෙරේදා පැවැති සෞදි අරාබිය සමග තරගයේදී ලකුණු 21-25, 25-22, 25-19 හා 25-20ක් ලෙස වට 3-1කින් පරාජයට පත්වීම හේතුවෙන් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල ‘බී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පැමිණි කණ්ඩායම වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ තරගාවලිය ඉතා සුබවාදී ලෙස ආරම්භ කළ අතර මුල් තරග දෙකේදී ප්‍රතිවාදීන්ට එරෙහිව අණසක පැතිරවීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු තරගයේදී හොංකොං පිලට එරෙහිව ලකුණු 25- 15, 25-20 සහ 25-22ක් ලෙස වට 3-0කින් හා මැලේසියාව සමග තරගය ලකුණු 25- 16, 25- 18 හා 25- 23ක් ලෙස වට 3-0කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පිල සමත් විය.

එහෙත් සෞදි අරාබිය සමග තරගයේදී ශ්‍රී ලංකා පිල පසුබැසීම කාගේත් දැඩි කතාබහට ලක්විය. දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් පිටියෙන් ඉවතට ගෙන වෙනත් ක්‍රීඩකයන් ආදේශ නොකිරීම පිළිබඳ ශ්‍රී ලංකා වොලිබෝල් පිලේ සර්බියානු පුහුණුකරුට විවේචන එල්ල විය.

ආසියානු වොලිබෝල් සම්මේලනය ප්‍රධාන තරගාවලි දෙකක් හඳුන්වාදී ඇති අතර ආසියාවේ හොඳම වොලිබෝල් කණ්ඩායම් අට ආසියානු කුසලාන තරගාවලියට හා අනෙක් කණ්ඩායම් 8 ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලියට ක්‍රීඩා කරති.

ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරයන් හා අනු ශූරයන් ප්‍රධාන තරගාවලිය වන ආසියානු කුසලාන තරගාවලියට උසස්වන අතර ආසියානු කුසලාන තරගාවලියේ හත්වැනි හා අටවැනි ස්ථාන වලට පත්වන කණ්ඩායම් දෙක ආසියානු අභියෝගීතා කුසලාන වොලිබෝල් තරගාවලිය දක්වා පහතට වැටීම නව ක්‍රමය අනුව සිදුවේ.

මේ තරගාවලියේ ශූරතාව හෝ අනු ශූරතාව ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ දිනා ගතහොත් ආසියාවේ පළමු කණ්ඩායම් අට අතරට පිවිසීමේ අවස්ථාව උදා වනු ඇත. මේ තරගාවලිය පැවැත්වීමේ වැදගත්කම හා ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවේ ආසන්න ඉලක්කය ආසියා කුසලාන වොලිබෝල් තරගාවලියට උසස්වීම බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අපේක්ෂාව බවට පත්ව ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();