Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වොලිබෝල් ශූරතාව යාපනයට

අගෝස්තු 31 වන දින මොනරාගලදී සමාප්තිය සනිටුහන් කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයෙහි පැවැත්වූ සංහිඳියා කුසලාන පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාව යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව ඉදි කර තිබූ 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදශනය භූමිය තුළ මෙම තරගය පැවැත්විණි.

අවසන් තරගය පැවැත්වුණේ යාපනය දිස්ත්‍රික් ශූරතාව දිනූ යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලය සහ මොනරාගල දිස්ත්‍රික් ශූරතාව දිනූ මොනරාගල මහානාම ජාතික පාසල අතරය. තරග වට 5 කින් සමන්විත අවසන් තරගය 3:1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විදුහල් කණ්ඩායම සමත්විය.

ජයග්‍රාහී කණ්ඩායම තරග කළේ ක්‍රීඩා සපත්තු නොපැළැඳ හෙවත් බෙයා ෆුට් ලෙස වීම විශේෂත්වයකි.

පළමු වටය මොනරාගල මහානාම ජාතික පාසල් කණ්ඩායම 25-22 ක් ලෙස ජයග්‍රහණය කළ නමුත්, ඉන් පසු පැවැති තරග වට තුනම 25-23, 25-21 සහ 25-20 වශයෙන් ජය ගෙන අවසන් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගන්නට යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විදුහල් කණ්ඩායම සමත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();