Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වීරවංසට එරෙහි නඩුවේ නීතිපති උපදෙස් තවමත් නැහැ.

Wimal

මහින්ද රාජපක්ෂ පාලන සමයේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමල් වීරවංශගේ පක්ෂයේ නිලධාරීන්ට ලබාදී තිබූ වාහන අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බැවින් ඒ සඳහා සිහිකැඳවීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න  විසින් ඊයේ නිකුත් කර තිබේ.

සිද්ධියට අදාළව නඩුව යළි කැඳවූ අවස්ථාවේ නඩුව සම්බන්ධව විමර්ශනයන්ට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් ඒ පිළිබඳව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් දෙදෙනකුට අදාළව පමණක් නීතිපති උපදෙස් ලැබී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇති අතර ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් නිකුත් කර ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන් වන්නේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංසගේ සහෝදරයා වන සරත් වීරවංස, පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර, ජාතික නිදහස් පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රි සේනාරත්න ද සිල්වා සහ ඉකුත් ආණ්ඩුව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට කුලී වාහන සපයන්නකු වශයෙන් සේවය කළ හේමන්ත පෙරේරා යන අයයි.

මෙම නඩුව ජනවාරි 14 වැනිදා එනම් මාස 04කින් යළි කැඳවීමට නියමිතය.

මෙම වාහන ජනාධිපතිලේකම්කාර්යාලයෙන් ලබාගෙන කුලී පදනම මත ලබා ගත්බව හඟවා නිවාහ හා ඉදිකිරීම් අමාත්‍යාංශයෙන්ද මුදල් ලබාගෙන සිය පෞද්ගලික ගිණුම්වලට බැර කර ඇති බවට මේ සම්බන්ධයෙන් සිදු කර ඇති විර්ශනවලදී හෙළිවී ඇති බවත් සඳහන් වේ.

The post වීරවංසට එරෙහි නඩුවේ නීතිපති උපදෙස් තවමත් නැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();