Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 ජනාධිපති අපේක්ෂකයා තම සහෝදරයා බව හිටපු ජනපති පවසයි.

Mahinada_Says_Wijedasa_Right

2019 වසරේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙන්නේ තමා බවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බවත් ඒ සඳහා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සූදානම් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනපතිවරයා එහිදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඔහු ජනාධිපතිවරනයට තරඟ කිරීමේ අවධානම ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවත් සියලු දෙනා පිළිගන්නා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම අනෙක් විකල්පය බවත්ය.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අවම වයස් සීමාව 30 සිට 35 දක්වා වැඩි කිරීම මත තම පුතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට 2019 ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බවත් නමුත් තමාගේ සහෝදරයා හට ජනාධිපතිරණය සඳහා ඉදිරිපත්වීමේ අනිවාර්ය හැකියාවක් පවතින බවත් හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.

නමුත් පක්ෂය සහ ජනතාවට අවශ්‍ය පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

The post 2019 ජනාධිපති අපේක්ෂකයා තම සහෝදරයා බව හිටපු ජනපති පවසයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();