Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ජය

නායිකා චමරී අතපත්තු රැස්කළ ශතකය හේතුවෙන් සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ කටුනායක පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් විය.

කෙසේ වෙතත් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග 2 ජය ගැනීමෙන් ඉන්දියාව 2-1කින් තරගාවලියේ ජය හිමිකර ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 5ක් දැවී ලකුණු 253ක් රැස් කළේය. එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 7ක් පමණක් අහිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී මාවතට ගෙන ගිය නායිකා චමරී අතපත්තු සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියේ සිවුවැනි ශතකය ලෙස ලකුණු 115ක් රැස් කළාය. පන්දු 133ක් වැයවූ ඇයගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.

පළමු කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් පිහිටුවමින් නායිකාවට අනගි සහයක් ලබාදීමට හසිනි පෙරේරාට හැකිවූවාය. ඇය පන්දු 70කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 45කි.

ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල බිඳ දැමීමට උදේශිකා ප්‍රබෝධනී සමත්වුවද අනතුරුව පිටියට පිවිසි නායිකා මිතලි රාජ් ඉනිම නිමාවනතුරු පිටියේ රැදෙමින් නොදැවී ලකුණු 125ක් රැස් කළාය. හතරේ පහර 14කින් සහ හයේ පහරකින් හැඩවු ඇයගේ ඉනිමට පන්දු 143ක් වැය විය. එය මිතලි 7 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය විය.

මිතලි සමග එක්වූ සමිත්‍රි මන්දනා මෙවර තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 51ක් රැස් කළාය.

දෙපිල අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය 19 වැනිදා කටුනායකදීම ආරම්භ වෙයි.

ඉන්දීය කාන්තා පිල - 253/5 (ඕවර 50) මිතලි රාජ් නොදැවී 125, සමිත්‍රි මන්දනා 51

ශ්‍රී ලංකා කාන්තා පිල - 257/7 (ඕවර 49.5) චමරී අතපත්තු 115, හසිනි පෙරේරා 45 (ජුලාන් ගොස්වාමි 39/3, මන්සි ජෝෂි 43/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();