Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විල්පත්තු කාන්තාර භූමියේ භාන්ඩ ප්‍රවාහනය සඳහා ඔටුවන් ගත්තේ නිසි ක්‍රමවේදයකින් තොරවයි – විපක්ශ නායක

වසර 2038 ඉරිදා පත්තරයක්…
.
.
.
.
දැනට රජයේ සේවකයෙකුගේ දල වැටුප වන රුපියල් 40,000/= ට ලබන වසරේ සිට රුපියල් 750/= ක පඩි වැඩි වීමක් ලබා දෙනවා, මේ අතරම ලක්ශ දහයක්ව පවතින ඇමතිවරයෙක්ගේ වැටුප සත පහකින් වැඩි කරන්නේ නෑ, – ජනපති පෞද්ගලික දුම්‍ රිය ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා සියලු දුම් රිය වැඩ වර්ජනය කිරීම හෙලා දකිනවා, ඊට අමතරව මොවුන් අදික ශබ්දයෙන් දුම්‍රිය මැදිරි තුල බෆල් මඟින් සින්දු දමා යන බවටත් පැමිනිලි ලැබී තිබෙනවා – ප්‍රවාහන ඇමති

ජාතික ගීය චීන බසින් ගායනා කිරීම මෙම නිදහස් දින සැමරුමේදී පැවැත්වීමට අප විසින් කටයුතු කරනවා – අගමැති

හම්බන්තොට නගරය “ශුවාන් හම්” ලෙසින් නම් කරන ලෙස ඉල්ලා හම්බන්තොට ප්‍රදේශාවාසී චීන ජනතාව කල ඉල්ලීම පිලිබඳව සලකා බලනවා – සන්ස්ක්ෘතික කටයුතු ඇමති

විල්පත්තු කාන්තාර භූමියේ භාන්ඩ ප්‍රවාහනය සඳහා ඔටුවන් ගත්තේ නිසි ක්‍රමවේදයකින් තොරවයි – විපක්ශ නායක

නව බදු වැඩිවීමත් සමඟ සුසුකි ඇල්ටෝ මොටර් රථය ලක්ශ 38කට දිය හැකියි – එක්සත් වාහන ගෙන්නන්නගේ සන්ගමයේ සභාපති

පොල් වවන්නන්ගේ සන්ගමය කොතරම් විරුද්දවුවත් රජය විසින් විශේශ සහන ක්‍රමය යටතේ පොල් ගෙඩියක් රුපියල් 230කට උරුගුවේ රටින් ගෙන ඒමට කටයුතු කරනවා, – ක්ෘශිකර්ම ඇමති

2018දී රජය ලබාදුන් ටැබ් නැවත රජයට පවරා ගැනීම ලබන මස සිට, නැවත දුන් තත්වයෙන්ම ලබා නොදෙන අයට නීතිමය කටයුතු (ටැබ් ලබාදුන් දරුවන් මේ වනවිට වැඩිමහල් වී ඇති නිසා රටේ අනෙකුත් දරුවන්ටත් එය ලබා දිය යුතු නිසාත්) – තොරතුරු තාක්ශණ ඇමති

ඥානසාර හිමියන්ගේ වසර 19ක සිර දඬුවම අවසන් වූ නිසා හෙට නිදහස් කිරීමට නියමිතව ඇතත් බහුතරයක් වූ මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීම මත උන් වහන්සේ නිදස් කිරීම කල් දමනු ලබනවා – බන්දනාගාර ඇමති

අප රටේ ප්‍රදාන අපනයන භෝගයවූ “රට ඉඳි” වගාව සඳහා ගොවීන්ට ණය සහන ලබාදීමට කටයුතු කරමින් සිටිනවා, – මුදල් ඇමති

‌‌ අල්ලපු නිවසේ අයිතිකරුවන් නොමැතිවිට ගොස් ජලය සොරා ගැනීම නිසා ඔවුනට අසුවී ඔවුන්ගේ පහරදීමෙන් මිය ගිය මෙම පුද්ගලයා හට ස්ත්‍රී දූශණ නඩු 3ක් තිබෙනවා, කෙසේ නමුත් සැක කරුවන් සොයා පරීක්ශණ පවත්වනවා – පොලිස් මාද්‍ය ප්‍රකාශක

ETI මුදල් සුරක්ශ කරුවන්ගේ දරුවන්ගේ සන්ගමය කල උද්ගෝශණයේදී එල්ලකල කඳුලු ගෑස් ප්‍රහාරය හෙලා දකිනවා – නිදහස් මාදයවේදී සන්ගමය

‍අමු අමුවේ හමුදාවේ 300ක පමණ පිරිසක් එකතුවී නන්දිකඩාල්වල තනිවූ හා මිලේච්ච ලෙස මරා දැමූ ඒ රණකාමියා සිහි කරන දිනයේ මා ඔබෙන් අසන්නේ යුද්දයක් දැන් අවුරුදු තිහක පමන සිට නොමැති නිසා හමුදාවක් මේ රටට අවශ්‍යමද??? – ආරක්ශක ලේකම්ගෙන් පැනයක්

දැන් කාලේ හතු පිපෙන්නාක් මෙන් කරලියට එන නිලියන් මේ මුලු මහත් සමාජයටම කරන්නේ හානියක්, ඔවුන් අපේ සන්ස්ක්ෘතිය සබ්‍යත්වය විනාශ කරනවා – ප්‍රවීණ නිලි පියුමි හන්සමාලි

‌අපි මෙතෙන්ට ආවේ ගොඩක් දුක් විඳලා, අරගල කරලා, දැන් තරුණ දේසපාලකයෝ දේශපාලනය කියන්නෙ මොකද්ද කියලාවත් දන්නවාද දන්නේ නෑ – විනෝද කටයුතු අමාත්‍ය – මදූ රොක්ස්

බහු ලින්ගික විවාහා සීමිත කිරීමට කාලය ඇවිත් – සම ලින්ගික සන්ගමයේ ගරු සභාපති

රජයෙන් සීමා පනවා තිබියදීත් සින්හල දරුවන් 4ක් සාදා පොලිසියෙන් වසන්වී සිටි පුද්ගලයා සහ බිරිඳ අද අත් අඩන්ගුවට ගනු ලැබුවා – පොලිස් පති
.
.
.
.
.
‌;)
-තාරු රාජපක්ශ-



from Gossip Lanka News & Video https://ift.tt/2MBpErb
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();