Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගතවූ මාස 06 තුළ සුරා අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 25,214 දෙනෙකු අත්අඩංගුවට.

Dep_Excise

මෙම වසරේ ගතවූ මාස 06 තුළ සුරා අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 25,214 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. සුරාබදු නිළධාරීන් දහසකට ආසන්න පිරිසක් සිදුකළ වැටලීම්වලදි ඔවුන් අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර නීති වීරෝධී ලෙස මධ්‍යසාර ස්ප්‍රීතු නිපදවීම හා නීති විරෝධී ලෙස අළෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 19,145 දෙනෙකු වන බවත්  හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 3081 දෙනෙකු හා දුම්කොල අපරාධවලට සම්බන්ධ 3463 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ,

එමෙන්ම සුරාබදු බලපත්‍රලාභී ස්ථානවල සිදුවූ වැරදි සම්බන්ධයෙන් ද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවත්  කෙසේ වෙතත් පසුගිය වරට සාපේක්ෂව එම අක්‍රමිකතා වාර්තා වීම අවම මට්ටමක පැවතීම සුවිශේෂි තත්ත්වයක් බවත් සුරාබදු දෙපාර්තමේන්තුව  වැඩිදුරටත් සඳහන් කර සිටී.

The post ගතවූ මාස 06 තුළ සුරා අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 25,214 දෙනෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();