Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ සුරංගනා කතා මාලදිවයින නිමා කරයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

බංග්ලාදේශයේ ඩකා හී බංගබන්ධු ක්‍රීඩාංගණයේදී පෙරේදා නිමාව දුටු දකුණු ආසියා පාපන්දු තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් මාලදිවයින සතුකර ගත්තේය. වසර 2008දී මෙහි ශූරතාව දිනාගත් මාලදිවයින අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවේ වසර 9කට පසුවීමද විශේෂත්වයකි. හත්වතාවක්ම දකුණු ආසියා පාපන්දු ශූරතාව දිනා සිටි ඉන්දියාව මේ තරගාවලිය ආරම්භයේ සිටම ශූරතාව පහසුවෙන් දිනාගනු ඇතැයි සුරංගනා කතා පවසා සිටියද එය සැබෑ නොවුණ සිහිනයක් බවට පත්විය.

ඉන්දියාව ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 96වැනි ස්ථානයේ පසුවන අතර මාලදිවයින ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 150වැනි ස්ථානයේ පසුවේ.

මෙවර දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ මූලික වටයේදී මාලදිවයින, ශ්‍රී ලංකාව හා සම තත්ත්වයක සිටි බැවින් අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාව සමග කාසියේ වාසිය උරගා බලා එයින් ජයගත් වාසනාවන්ත කණ්ඩායම බවට පත් විය. එහිදී නේපාලය හමුවේ ගෝල් 3-0ක ජයක් ලබා මාලදිවයින අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ඉන්දියාව මේ තරගාවලියේ අපරාජිතව අවසන් මහා තරගයට පිවිසි අතර මූලික වටයේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගෝල් 2-0 බැගින් පරාජය කොට අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය ගෝල් 3-1කින් පරදා අවසන් මහා තරගයට පිවිසියේය.

අවසන් ගැටුමේ 19වැනි මිනිත්තුවේදී මාලදිවයිනේ මහුදී ගෝල් කණුව අසලදී ඉදිරියට දිව ආ ඉන්දීය ගෝල් කීපර්ගේ හිසට ඉහළින් සෙමින් පන්දුව ගෝලය තුළට තල්ලු කරමින් පළමු ගෝලය වාර්තා කළ අතර, දෙවැනි ගෝලය ෆාසර් විසින් ගෝල් කීපර්ගේ වම් පැත්තට යොමු කොට 66වැනි මිනිත්තුවේදී වාර්තා කළේය.

මේ ශූරතාවලියේ විනීත ලෙස ක්‍රීඩා කළ කණ්ඩායාම ලෙස භූතානය සම්මාන දිනාගත් අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස මාලදිවයින පිලේ මොහොමඩ් ෆයිසාල්ට සම්මාන හිමි විය. තරග 4කදී ගෝල් 3ක් වාර්තා කළ ඉන්දියාවේ මන්වීර් සිං වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්විය.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අවසන් වරට ශූරතාව දිනා ගත්තේ 1995දී වන අතර ඉන්දියාව පසුගිය වසරේ ශූරතාව ඉසිලීය. මේ තරගාවලියට ඉන්දීය 23න් පහළ කණ්ඩායමක් සහභාගී කිරීමට ඉන්දීය පාපන්දු බලධාරීහු තීරණය කර තිබුණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();