Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපරාධ කළ අය කරන දේ ඇමති අකිල කියයි.

Akila_Viraj_03

බරපතල වංචා දූෂණ නඩු විභාග කරන විශේෂ අධිකරණ මගින් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බැවින් පසුගිය සමයේ ජනතා මුදල් සොරකම් කරමින් කටයුතු කළ පිරිස් කළබළ වී ජනතාව වීදි බස්සා ඔවුන්ට එරෙහිව ඇති වංචා, දූෂණ අපරාධ නඩුවලින් බේරීමට උද්ඝෝෂණ සංවිධානය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා සිටී. අමත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

පසුගිය රජය සමයේ ජනමාධ්‍යවේදීන් මරා දමමින් සහ ඔවුන්ව පීඩාවට පත්කරමින් කටයුතු කළ අය මාධ්‍ය නිදහස ගැන කතාකිරීම විහිළුවක් බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා යහපාලන රජය විසින් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට පියවර ගත් බව ද එහිදී පෙන්වා දුන්නේය.

වත්මන් රජය බොරු සංදර්ශන වලින් තොරව සංවර්ධන ව්‍යාපෘතීන් ගණනාවක් ද මේවන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා රජයේ සහ පෞද්ගලික මාධ්‍යයන්වල එම තොරතුරු ප්‍රචාරය නොවුණද එම සංවර්ධන වැඩකටයුතු අඛණ්ඩව සිදුකරන බව ද අවධාරණය කර සිටියේය.

The post අපරාධ කළ අය කරන දේ ඇමති අකිල කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();