Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂුන් 4කට ඇප.

Nalaka_Thero

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය අද(03) නියම කර තිබේ. රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක් පසුගිය 31වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇති තර ඒ අනුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබේ.

The post බෙංගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂුන් 4කට ඇප. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();