Ticker

6/recent/ticker-posts

Header Ads Widget

05 සහ 06 දෙදින පාර්ලිමේන්තුව වහන කතාව බොරු.

Karu_Jayasuriya

2018 සැප්තැම්බර් මස 05 සහ 06 දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව තමා වෙත උපදෙස් ලැබී ඇතැයි කතානායකවරයා පැවසුවේ යැයි සඳහන් කරමින් ඊයේ පුවත්පත්වල දේශපාලන තීරු ලිපියේ සඳහන් වූ තොරතුර මුළුමනින්ම සාවද්‍ය බව කතානායක කරූ ජයසූරිය අවධාරණය කර සිටී.

එමෙන්ම තමන් වෙත කිසිදු පාර්ෂවයකින් එවැනි උපදේශයක් ලැබී නැතැයිද කතානායකවරයා පෙන්වා දී තිබේ. පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදී තමාට එවන් උපදෙස් ලැබී ඇති බවට කථානායකවරයා විසින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද කියා සිටියි. එමෙන්ම, අදාල දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති  බවද කතානායකවරයා අවධාරණය කර සිටී.

කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් යොමු කරමින් මේ බව සඳහන් කර සිටී.

The post 05 සහ 06 දෙදින පාර්ලිමේන්තුව වහන කතාව බොරු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();