Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපන්දු පිල රටවල් 7ක් පරදවා ජය ලබයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

රටවල් 8ක සහභාගීත්වයෙන් කොළඹදී නිමාවූ 13වැනි අන්තර්ජාතික ප්‍රවීණයන්ගේ පාපන්දු තරගාවලියේ ජය ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපන්දු පිලට හිමි වෙයි. සිටිලීග් පාපන්දු සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතාගේ මඟපෙන්වීම යටතේ තරගබිමට පිවිසි ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපන්දු පිල මොහොමඩ් රූමී මහතා විසින් මෙහෙයවූ අතර සහභාගීවූ තරග 7කින් ජයග්‍රහණ 6ක් වාර්තා කොට පෙරමුණට පැමිණියේය. දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ පිල සමග පැවැති තරගය පමණක් ගෝල් 2-2ක් ලෙස ජය පරාජයට පත් විය.

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපන්දු පිල තරග 7කදී ගෝල් 17ක් වාර්තා කළ අතර ප්‍රතිවාදී කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල් 3ක් පමණක් වාර්තා කිරීම විශේෂත්වයකි. ලීග් ක්‍රමයට පැවැති මේ තරගාවලියේ දෙවැනි තැනට මැලේසියාවේ සෙලන්ගූර් ඉන්ඩියන් පිල පිවිසි අතර ඔවුහූ තරග 7කදී ගෝල් 12ක් වාර්තා කළ අතර හා ප්‍රතිවාදීන්ගෙන් ගෝල් 4ක් එල්ල වූහ.

මේ තරගාවලියට මැලේසියාවේ සෙලන්ගූර් ඉන්ඩියන් පිල, මුරුසියේ සැවනී පිල, දකුණු අප්‍රිකාවේ ෆ්ලේම්ස් ක්‍රීඩා සමාජය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායී එක්ස්පැට් පිල, එංගලන්තයේ ඔලිම්පික් ක්‍රීඩා සමාජය, ඉන්දියාවේ චෙන්නායී පිල හා සිංගප්පූරු ක්‍රීඩා සමාජය සහභාගී වූහ.

කොළඹ ප්‍රවීණයන්ගේ පාපන්දු පිල මෙසේය: මොහොමඩ් රූමී (නායක), ආර්. පුවනේන්ද්‍රන්, ජෝෂප් ශාන්තිකුමාර්, ජයශාන්ත ලියනගේ. ප්‍රියන්ත ලියනගේ, එම්. ඩබ්ලිව්. එම්. හසීම්, මොහොමඩ් ෆායිස්, ජයශාන්ත ලියනගේ, ජගත් රෝහන, මැක්සි ලේටර්න්, ධම්මික සෙනරත්, රොහාන් පීරිස්, විජය බාස්කර්, මොහොමඩ් ඉම්තිෂාන්, ප්‍රසන්න හෙට්ටිආරච්චි, ආර්. එස්. ප්‍රදීප්, සිසිර කුමාර, මොහොමඩ් ඉක්රාම්, මොහොමඩ් ඉස්මිරලී, ජීවන්ත රත්නායක, සමන්ත පෙරේරා ගෝල් කීපර්

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();