Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුනඛ මස් කෑමෙන් වළකින්න

නගරයේ කීර්ති නාමයට කැළලක් විය හැකි බැවින් හා ජලභීතිකාව වැනි රෝගවලට ගොදුරු විය හැකි බැවින් සුනඛ මස් කෑමෙන් වළකින ලෙස වියට්නාමයේ හැනොයි නගර වැසියන්ගෙන් බලධාරීහු ඉල්ලා සිටිති. හැනොයි අගනුවර "ශිෂ්ටසම්පන්න හා නවීන අගනුවර" ලෙස ප්‍රකට කළ හැකි බව නගරයේ මහජන කමිටුව ප්‍රකාශ කරයි.

එසේම සුනඛ මස් පරිභෝජනය හේතුවෙන් ජලභීතිකාව වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානම වැඩි බව ද ඔවුහු අනාවරණය කරති.

වාර්තා වන අන්දමට වියට්නාමයේ හැනොයි අගනුවර පමණක් සුනඛ සහ බළල් මස් අලෙවි කරන ස්ථාන 1,000කට වැඩිය. මේ ස්ථානවල විකිණීමට ඇති මස් කෲර ලෙස ඝාතනය කළ සතුන්ගේ බව හැනොයි මහජන කමිටුව පවසයි.

හැනොයි හි සුනඛයන් හා බළලුන් 490,000 ක් පමණ සිටින බවත් ඒ අතරින් බහුතරය නිවෙස්වල සුරතලුන් ලෙස හදන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();