Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිකඩ හිටපු OIC ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්.

court-hammer

සිය රථය  පසුකර යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව අනෙක් රථයේ ගමන් කරමින් සිටි නීතිඥවරයාට පහරදී අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය  නියම කර ඇත. මෙලෙස සිර දඬුවම් නියම වූයේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අමරසිංහට එරෙහිවය.

චූදිත කමල් අමරසිංහට එරෙහි නඩුව මුලින්ම විභාගයට ගත් කොළඹ ප්‍රධාන මහේස්‍ර්තාත් අධිකරණය  ඔහුට එරෙහිව  වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට තිබූ අතර, එම දඬුවමට එරෙහිව කමල් අමරසිංහ අභියාචනයක් ඉදිරිපත් කර  තිබිණි. එම අභියාචන පෙත්සම විභාගයට ගෙන අවසන් කීරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. අභියාචනය නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කොට තිබූ වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම ඊයේ සිටම  ක්‍රියාත්මක කිරීමටද තීන්දු කළේය.

සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ  ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළේය.

The post වැලිකඩ හිටපු OIC ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();