Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ව්‍යාපාරික තොරතුරු දැනගැනීමට ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර දියත් වේ.

 Ministry-of-Industry-and-Commerceවාණිජ දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව, සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව  ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර දියත් කිරීමට කටයුතු යොදා ඇත.  මෙම ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර (Sri Lanka Trade Information Portal/SLTIP) මඟින් ශ්‍රී  ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයනඅපනයන නීති රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි පිළිබඳ තොරතුරු එකම ස්ථානයකින් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් බ්රයිස් හචිසන්, ලෝක බැංකු කණ්ඩායමේ ජ්යේෂ්ඨ වෙළඳ විශේෂඥ මාර්කස් බාර්ට්ලි ජෝන්ස් සහ අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා අරන්චා ගොන්සාලිස්ගේ සහභාගීත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  අතින් මෙම වෙළඳ තොරතුරු බිහිදොර 2018 ජූලි 20 කොළඹ දී එළි දැක්වීමට නියමිතය.

රටෙහි හිතකර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම, දේශීය හා විදේශික ආයෝජකයින්ට වෙළඳ නීති සහ රෙගුලාසි පිළිබඳ විස්තර ලබා ගැනීමට හැකි වීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ආනයන අපනයන කටයුතු පහසු කරගැනීමට අදාළ තුරතුරු ලබා ගත හැකි වීම, ජාත්‍යන්තර සංවිධාන පෞද්ගලික හා රාජ් අංශයේ ශක්තිමත් දායකත්වය මෙම වෙළඳ තොරතුරු බිහිදොර හරහා ලැබෙනු ඇත. තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි බැවින් මෙමඟින් සුළු හා මධ්යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ එම ක්ෂේත්‍රයන් හි කටයුතු කරන සියලුම පාර්ශවකරුවන්ගේ කාලය ඉතිරි වනු ඇත.

තවද ශ්‍රී ලංකාවේ ආර්ථීකය පිළිබඳ විශ්ලේෂණයක්,ව්‍යාපාර අරම්භක ක්‍රියාවලියආනයන අපනයන මාර්ගෝපදේශය මෙන්ම විශේෂ අර්ථික ක්ෂේත්‍රයන් පිළිබඳ තොරතුරු, අපනයන සැකසුම් කලාප, දේශ සීමා හරහා වෙළඳාම සහ GSP ස්වයංක්‍රීයකරණය, ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ‍ජාත්‍යන්තර, කලාපීය සහ ද්වීපාර්ශවීය වෙළඳ ගිවිසුම් හා එයට අදාල නීති රෙගුලාසි මෙන්ම ඒවායෙහි ප්‍රතිලාභ යනාදී විශේෂාංග මෙයට ඇතුලත් වේ.

එහි මෙහෙයුම් ආයතනය ලෙස වාණිජ දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර මේ සඳහා ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දායකත්වය ලැබේ.

අදාල වෙළඳ නීති රෙගුලාසි, නීතිපරිපාලන කටයුතු, මඟපෙන්වීමේ සටහන්, ආකෘති, බලපත්‍ර, අවසරපත්‍ර වැනි ක්‍රියාපටිපාටි මෙන්ම අදාළ ගාස්තු පිළිබඳ තොරතුරු සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා 3 න්ම ලබාගත හැකි ලෙස මෙය සකසා ඇත.

2020 වන විට ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භ කිරීමට හැකි ප්‍රමුඛ රටවල් 70 අතරට එක් වීම, රටෙහි ව්‍යාපාරික පරිසරය වෙනස්කිරීම SLTIP අරමුණු අතරින් සුවිශේෂී වේ.

The post ව්‍යාපාරික තොරතුරු දැනගැනීමට ශ්‍රී ලංකා වෙළඳ තොරතුරු බිහිදොර දියත් වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();