Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපරැක්කේ පුඤ්ඤානන්ද යළිත් සුපුරුදු ගේමට බසී.

Aparekke -pungngananda

ජාතික හෙළ උරුමයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි යළිත් වරක් අපරාධයක් කොට තිබේ.  නව හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපහරණයට ලක් කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් අපරැක්කේ පුඤ්ඤානන්ද හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබේ. මීට පෙරද බාලවයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනෙකුට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව  අධිකරණයේදී  පිළි ගන්නා ලදී.
අපරැක්කේ පුඤ්ඤානන්ද Pedophile කෙනෙකු හෙවත් කෞමාර කාමයෙන් පෙලෙන්නෙකු බව පෙනී යයි.  දියුණු රටවල මෙවැනි පුද්ගලයෝ ලෙස වෙනම Sex Offenders වර්ගීකරණයකට යටත්ව පොලිසිය විසින් ඔවුන් පිළිබඳව සෝදිසියෙන් සිටිති. මෙවැනි පුද්ගලයන්ට ළමුන් සම්බන්ධයෙන් කටයුතුවල යෙදීම තහනම් ය​. එහෙත් කෞමාර කාමයෙන් පෙලෙන්නෝ ලංකාවේදී රිසි පරිදි ළමුන්ව අපහරණය කරති. හේතුව අධිකරණයේ මෙන්ම ළමා ආරක්‍ෂයේ  පවතින දුර්වළතා නිසාය.
අපරැක්කේ පුඤ්ඤානන්ද සම්බන්ධයෙන් ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් පිළිබඳව තොරතුරක් මෙතෙක් නොමැත​.
(Trans Sylvania)

The post අපරැක්කේ පුඤ්ඤානන්ද යළිත් සුපුරුදු ගේමට බසී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();