Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය – පාර්ලිමේන්තු විවාදය අදයි.

Parliment_Srilanka_Inside

චීන සමාගමකින් පසුගිය රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද (19) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ලෙස අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවත්  ඒ අනුව අද පෙරවරු 10.30 සිට දිනය පුරා මෙම විවාදය පැවැත්වීමට සැළසුම් කර ඇති බවත් සඳහන් වේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළවූ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු මෙම විවාදයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කර තිබේ.

එමෙන්ම මෙම විවාදය සඳහා සාර්ථකව මුහුණ  දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන සඳහන් කර ඇත. කෙසේ වෙතත් අද දිනයේ පැවැත්වෙන විවාදයට, විදේශගතව සිටින බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

The post නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය – පාර්ලිමේන්තු විවාදය අදයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();