Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ මදුරාසි ඔරු පැදීමේ සමස්ත ශූරතාව කොළඹ කණ්ඩායමට

Author(s): 
ෆවුස් මොහොමඩ්

විශිෂ්ට දස්කම් පෙන්නුම් කළ රුවින් වීරසිංහගේ නායකත්වයෙන් යුතු කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සංගමය 79 වැනි කොළඹ - මදුරාසි ඔරු පැදීමේ තරගාවලියේ (Madras-Colombo Regatte) කාන්තා සහ පිරිමි ශූරතා දිනාගැනීමට සමත්විය. ඒ අනුව පසුගිය වසරේ ඉන්දියාවේ පැවැති 78 වැනි තරගාවලියේ කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජය අත්කරගත් කාන්තා හා පිරිමි ශූරතා කුසලාන රැක ගැනීමට හැකිවිය. පිරිමි තරග අංශයේ ශූරයන්ට පිරිනැමෙන දීපම් කුසලානයත්, කාන්තා තරග අංශයේ ශූරියන්ට පිරිනැමෙන අඩ්යාර් කුසලානයත් දෙකම කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සංගමයට යළිත් හිමිවිය.

කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සංගමය ආශ්‍රිතව බේරේ වැවේදී පසුගියදා පැවැති මේ තරගාවලියේ පිරිමි තරග අංශයේ බී තරගයේ ඒකළ ජය සුහිත් ඇලෙක්සැන්ඩර් දිනාගත් අතර ඒ තරග අංශයේ යුගල තරගයේ ජය නායක රුවින් වීරසිංහ සහ ප්‍රවීන් හපුගල්ල අත්කර ගත්හ. මීට අමතරව යුගල බී තරග අංශයේ ජය අබ්දුල්ලා හසන් සහ සජාඩ් අජ්මාල් දිනාගත් අතර ළසිරු කුඩලිගම සහ සජින් ඩි ලිවේරා පිරිමි යුගල බී තරගය ජයගත්හ. ක්‍රීඩකයන් සිවුදෙනා‍ගේ කණ්ඩායම් තරග අංශයේ ඒ සහ බී කාණ්ඩ ද්විත්වයම ජයගැනීමට ද කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජය සමත්විය. නායක රුවින් වීරසිංහ, සුහිත් ඇලෙක්සැන්ඩර්, සුරඹ සේරසිංහ සහ ප්‍රවීන් හපුගල්ල ඒ කාණ්ඩයේ ක්‍රීඩකයන් සිවුදෙනාගේ තරගය ජයගත් අතර බී කාණ්ඩයේ ක්‍රීඩකයන් සිවුදෙනාගේ තරගය චරින් විජේතිලක, ලසිඳු ගමගේ, සජාඩ් අජ්මාල් සහ අබ්දුල්ලා හසන් ජයගත්හ.

ජයග්‍රාහී කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සංගමය පිරිමි තරග අංශයේ ලකුණු 50න් 38ක් අත්පත් කරගනිද්දී කාන්තා තරග අංශයේ සියලු තරග කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවෝ දිනාගත්හ. කාන්තා තරග අංශයේදී ඉෂාරා අබේ, නිහාරා වරාවිට, කියාරා කමරනායගම්, ග්‍රේබ්‍රියෙල් සේනානායක, ජනින්ද්‍රි ප්‍රනාන්දු, අනිත්‍රි ප්‍රනාන්දු සහ අශ්විනි සුබසිංහ විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළහ.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඡායාරූප
සමන් මෙන්ඩිස්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();