Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෙබනනයේ බෘමානාහි පොලිස් නිලධාරිනියන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට විරෝධය

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් ලෙබනනයේ බෘමානා නගරයේ සේවයේ නිරත පොලිස් නිලධාරිනියන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට බලධාරීන් ගත් තීරණය බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී තිබේ. කළු කොට කලිසමකින් සහ ටී- ෂර්ටයකින් සැරදුණු පොලිස් කාන්තාවන් මේ වන නගරයේ රථ වාහන හැසිරවීම ඇතුළු රාජකාරීවල නිරතව සිටිනු මේ දිනවල දක්නට ලැබේ.

නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් බෘමානාහි නගරාධිපතිවරයා අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ එය හුදෙක්ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින් සිදු කළ බවයි. මධ්‍යධරණී කලාපයේ සංචාරකයන් 99%ක්ම සැරසී සිටින්නේ කොට කලිසම්වලින් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. එසේම තම රටේ ප්‍රතිරූපය පිළිබඳ බටහිර දරන මතය වෙනස් කළ යුතු බව ද ඔහු පවසා සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();