Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තෙල් සංස්ථා සභාපතිවරුන්ගේ “රථගාය.”

Cipetco

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මිකර රණතුංගගේ පරිහරණය සඳහා කෝට් දෙකහමාරකට වැඩ වටිනාකමකින් යුත්  වොල්වෝ XC90 රථයක් ගෙන්වා ඇති බව වාර්තාවේ.

ධම්මිකර රණතුංග  ලංකා ඛනිජතෙල් තොග නිමාවේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අදාලවද මීට මාස 06කට පමණ පෙර කෝටි 03කට ආසන්න මුදලක් වැය කර නවතම BMW රථයක් ගෙන්වාගෙන තිබේ.

එමෙන්ම චන්දිම වීරක්කොඩි ඛනිජතෙල් ඇමතිවරයාව සිටියදීද මීට වසරකට පමණ පෙරද එවකට ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධුරය හෙබවූ ජයසිංහගේ පරිහරනය සඳහාද නවතම BMW රථයක් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වැය කරමින් ගෙන්වා තිබී ඇත.එසේ තිබියදී නැවත රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් වැය කර නවරත වොල්වෝ වර්ගයේ රථයක් ගෙන්වීම මුදල් නාස්ති කිරිමකි. එමෙන්ම මාසයෙන් මාසයට ඉන්ධන මිල ඉහළ දමන ආණ්ඩුවට මෙවැනි නාස්තිකාරී වියදම් සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්ද මේ වනවිට සේවකයින් තුළ විරෝධයක් මතුවෙමින්  තිබෙන  බව  සදහන්වේ.

The post තෙල් සංස්ථා සභාපතිවරුන්ගේ “රථගාය.” appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();