Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෙනට ඔක්සිජන් සපයා ආපසු ආපසු එමින් සිටි හිටපු නාවික හමුදා කිමිදුම්කරුවෙක් මියයයි

තායිලන්තයේ ලෙනක සිරවී සිටින පාපන්දු කණ්ඩායම වෙත සැපයුම් ගෙන ගොස් ලෙන් සංකීර්ණයෙන් ආපසු එමින් සිටියදී එරට හිටපු නාවික හමුදා 'සීල්' බළකායේ කිමිදුම්කරුවෙකු මිය ගොස් තිබේ.

ලෙන තුළට ඔක්සිජන් සපයා ආපසු පැමිණීමේ දී ඔහුට ප්‍රමාණවත් ඔක්සිජන් තිබී නැති බව එම බළකායේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පැවසීය.

තිස්අට හැවිරිදි සමන් ගුනන්ගේ නම් ඔහු නාවික හමුදාව හැර ගොස් සිටි කිමිදුම්කරු ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණ සිටි අයෙකි.

ස්වේච්ඡාවෙන් සහාය දීම සඳහා ඉදිරිපත් වූ හිටපු නාවික හමුදා සෙබළෙකු රාත්‍රී 2 ට පමණ මරණයට පත්ව ඇති බව බේරා ගැනීමේ මෙහෙයුම් සිදුවන ස්ථානයේ සිටි චියැන්ග් රායි පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා වාර්තාකරුවන් හමුවේ තහවුරු කළේය.

මේ අතර ලෙන තුළ ඔක්සිජන් ප්‍රතිශතය පහළ යමින් පවතින බැවින් අඛණ්ඩව ඔක්සිජන් සැපයීමේ අභියෝගයට ගලවා ගැනීමේ කණ්ඩායම් මුහුණ දී සිටියි.

වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිරවීමට පහසු විටමින් සහ ඛනිජ අඩංගු ශක්තිජනක ආහාර තායිලන්තයේ ලෙන තුළ සිරවී සිටින කණ්ඩායමට ලබා දෙන බව තායි නාවික හමුදා විශේෂ බළකායේ ප්‍රධානී අද්මිරාල් අපගොර්න් යෝවුකෝගේව් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. එසේම වෛද්‍යවරයෙකු සහ හෙදියක ඇතුළු කිමිදුම්කරුවන් හත් දෙනෙකු තායිලන්තයේ උතුරු දිග පිහිටි ලෙනේ සිරව සිටින කණ්ඩායම හා එක් වී ඇති බවත් දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවත් ඔහු අනාවරණය කළේය. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තව දුරටත් යහපත් බව ඔවුන් තහවුරු කර ඇත.

මේ අතර එම කණ්ඩායම ආරක්ෂිතව රැගෙන ඒමට ඇති වඩාත් උචිත ක්‍රමවේදයක් පිළිබඳ සහන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ. ඒ වෙනුවෙන් දිවා රාත්‍රී නොතකා වෙහෙසෙන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();