Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය යොවුන් පිල ඉනිමකින් ජයගනී

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල සමග එන්.සී.සී පිටියේ පැවැති පළමු සිවුදින තරගයෙන් ඉනිමක සහ ලකුණු 21ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.

මේ සමගින් තරග 2කින් සමන්විත සිවුදින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය යොවුන් පිලට හැකිවිය.

ලකුණු 345ක පසුපසින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරතවූ ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ ලකුණු 324කට දැවී ගියේය.

ලකුණු 177කට කඩුලු 3ක් බිඳ වැටී තිබියදී ඊයේ දිනය ඇරැඹු පසිඳු සූරියබණ්ඩාර සහ නුවනිඳු ප්‍රනාන්දුට තවත් එක්කර ගත හැකිවූයේ ලකුණු 32ක් පමණි. ලකුණු 67කින් ගොඩනැගුණු එම සිවුවැනි කඩුල්ලේ සබඳතාව බිඳි ගියේ පසිඳු ලකුණු 36කට දැවී යෑමෙනි.

ඉන්දීය ජය පමා කළ නුවනිඳු, සඳුන් මෙන්ඩිස් සමගින් 5 වැනි කඩුල්ලටද ලකුණු 66ක් එක් කළේය. මෝහිත් ජන්ග්‍රාගේ සිවුවැනි කඩුල්ල ලෙස නුවනිඳු දැවී යනවිට පන්දු 134කදී ලකුණු 78ක් රැස්කර තිබිණි. ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් සහ හයේ පහරකින් වර්ණවත් විය.

මුළු ලකුණු 292ක් වෙද්දී ලකුණු 23ක් ලබාසිටි මෙන්ඩිස් ද ජන්ග්‍රාගේ ගොදුරක් බවට පත්වෙමින් 6 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

අනතුරුව ක්‍රියාත්මක වූ අයුෂ් බදෝනි ලකුණු 8ක් තුළ කල්හාර සේනාරත්න (3) සහ ශෂික දුල්ෂාන් (5) දවාගත් අතර ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර්, නිපුන් මාලිංග දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා දෙවැනි ඉනිම නිමාවිය.

දුනෙත් වෙල්ලාලගේ පන්දු රැකීමේ දී වම් අතේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පන්දුවට පහර දීමට නොපැමිණියේය.

පන්දු යැවීමේදී මෝහිත් ජන්ග්‍රා කඩුලු 5ක් දවාගත් අතර අයුෂ් බදෝනි කඩුලු 2ක් දවාළීය.

දෙපිල අතර දෙවැනි සිවුදින තරගය මේ 24 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම - 244යි. (ඕවර 70.3) පසිඳු සූරියබණ්ඩාර 69, නිෂාන් මධුසංක 39, නිපුන් ධනංජය 39, සඳුන් මෙන්ඩිස් 39 (අයුෂ් බදෝනි 24/4, හර්ෂ් ටියාගි 92/4) සහ දෙවැනි ඉනිම - 324යි (ඕවර 95.2) නිශාන් මධුසංක 104, නුවනිඳු ප්‍රනාන්දු 78 (මෝහිත් ජන්ග්‍රා 72/5, අයුෂ් බදෝනි 57/2)

ඉන්දීය යොවුන් පිල පළමු ඉනිම - 589යි. (ඕවර 107) අයුෂ් බදෝනි නොදැවී 185, නෙහාල් වදේරා 82, අනුජ් රවාට් 63 (කල්හාර සේනාරත්න 170/6, කලණ පෙරේරා 107/2)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();