Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ-මදුරාසි ඔරු පැදීමේ තරගාවලිය අද බේරේ වැවේදී

Author(s): 
ෆවුස් මොහොමඩ්

රටවල් දෙකක කණ්ඩායම් අතර පැවැත්වෙන ඔරු පැදීමේ තරගාවලි අතර ලොව දෙවැනිතම පැරැණි තරගාවලිය ලෙස සැළකෙන කොළඹ - මදුරාසි ඔරු පැදීමේ තරගාවලිය (Madras-Colombo Regatte ) අද (21) ලේක් හවුස් ආයතනයට යාබද පිහිටා ඇති කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සංගමය ආශ්‍රිතව බේරේ වැවේ දී පැවැත්වෙයි. තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙනි.

79 වැනි වරටත් පැවැත්වෙන මේ තරගාවලිය පළමු වරට 1898දී ආරම්භ වූ අතර එය එංගලන්තයේ ඔක්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් ඔරු පැදීමේ තරගාවලියට පසුව ලොව පැරැණිතම ඔරු පැදීමේ තරගාවලිය ලෙස වාර්තා වෙයි.

මෙවර කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 79 වැනි කොළඹ - මදුරාසි ඔරු පැදීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 25ක් සහභාගි වෙති. තරගාවලියේ සම්පූර්ණ දුර ප්‍රමාණය යාර දහසක් වන අතර ප්‍රවීණයන්ගේ තරගය පමණක් යාර 500කට සීමා කර තිබේ.

සමස්ත තරගාවලියේ ශූරයන්ට දීපම් කුසලානය පිරිනැමෙන අතර ශුරියන්ට අඩ්යාර් කුසලානය හිමිවනු ඇත. පිරිමි තරග අංශයට කාණ්ඩ දෙකක් ඇතුළත් වන අතර එය 'ඒ' සහ 'බී' ලෙස වර්ග කර තිබේ. ඒ යටතේ සිවුදෙනකුගෙන් සමන්විත තරගය, දෙදෙනකුගෙන් සමන්විත යුගල හබල් ඔරු තරගය, ඒකල සහ යුගල තරග පැවැත්වෙයි. සිවුදෙනකුගෙන් සමන්විත තරගය, දෙදෙනකුගෙන් සමන්විත තරගය ඒකල හා යුගල තරග කාන්තා තරග අංශයට ඇතුළත්ය.

පසුගිය වසරේ ඉන්දියාවේ පැවැති 78 වැනි තරගාවලියේ කාන්තා සහ පිරිමි සමස්ත ශූරතා දිනාගැනීමට කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජය සමත්විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();