Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිමි – සමන්ත විද්‍යාරත්න.

Samantha_Widyarathne

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකින බවත්, අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ඒ පිළිබඳ පැමිණිල්ලක් බාරදෙන බවත් පවසමින් ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිමි. අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ඒ පිළිබඳ පැමිණිල්ල බාර දෙමි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක 2018 ජූලි 18 දින අනුරාධපුර, තඹුත්තේගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ රැස්වීමකදී කළ කථාව මාධ්‍ය මඟින් වාර්තා කොට තිබුණී.

“ මම අපේ පළාත් සභාව ෂේප් කරගෙන යන්නේ මොකෙක් හරි මට විරුද්ධව කථා කළොත් ඌට ටක්ගාලා කථා කරල වාහනයක් දීලා තෙල් ටිකක් ගහලා දෙනවා. ඒවට වැඩ තියෙනවා, මිනිස්සු ෂේප් කරගන්න එපැයි, මගේ පළාත් සභාවේ මන්ත්‍රීවරු 34 දෙනෙක් ඉන්නව, උන්ටික හිටපු ගමන් මට ලෙඩ දානවා, ඒ වෙලාවට මම උන්ට රැකියා එක එක හරි දීලා, පාරක් හදන්න ලක්ෂ 10 ක්, 20 ක් දීලා, ෂේප් කර ගන්නවා.“

ඉහත ප්‍රකාශය ප්‍රධාන අමාත්‍යවරයා සිදුකර ඇති බව මාධ්‍ය වාර්තාකර තිබේ.

ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මා සමඟ මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ආර්.එම්. ජයවර්ධන සහෝදරයා මන්ත්‍රීධුරය හොබවයි. මහ ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් ඔහුගෙන් අල්ලස් ගත් බවට, වරදාන තුටු පඩුරු ගත් බවට, වංචා හා දූෂණ ක්‍රියාවලින් ඔහු ආරක්ෂා කළ බවට ඉහත ප්‍රකාශයෙන් ගම්‍ය වේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ලෙස අප එම ප්‍රකාශය ඉතා බලවත් ලෙස පිළිකුලෙන් හෙළා දකිමින් ප්‍රතික්ෂේප කරන අතර ඔහුගේ වංචා හා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් හා අනෛතික ක්‍රියා සම්බන්ධයෙන් මුල සිටම දිගින් දිගටම රට හමුවේ හෙළිදරව් කරමින් F.C.I.D හා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට  ආදී ස්ථානවලට පැමිණිලි කරමින් අප කටයුතු කළ බව ප්‍රකාශ කරන අතර අප හැර ඉතිරි මන්ත්‍රීවරුන් (32) තිස් දෙදෙනා ගැන අපට වගකිව නොහැකි බවත් මහ ඇමැතිවරයාගේ ප්‍රකාශය සමහරවිට එම මන්ත්‍රීවරුන්ට අදාල වියහැකි බවත් පෙන්වා දෙමි.

බරපතල දූෂිත ගණුදෙණූ හා පළාතේ පරිපාලනය සමඟ ගැටුම් ඇතිකර ගැනීම්, පළාත් සභාවේ මූල්‍ය තත්ත්වය දුර්වල කිරීම් හා විදුහල්පතිවරියක් දනගැස්වීම ඇතුළු චෝදනා ගණනාවකට පසුගිය කාලය තුළ මෙම ප්‍රධාන අමාත්‍යවරයා ලක්වූ අතර එසේ තිබියදී මොහු ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ද, කටයුතු කරන අයුරු දැකිමට හැකිවිය. මෙම මන්ත්‍රීවරුන් මහ ඇමැතිවරයා දිනා ගන්නේ ඔහුගේ ප්‍රකාශයට අනුව විය හැකිය. ඔහුගේ ප්‍රකාශයේ නොකියවුණු විදේශ සංචාරද පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ලබාදුන් බව අප දනිමු. මේ වන විටද පළාත් සභාවේ ඉදිරි අය වැයට පෙර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විදේශ සංචාර සඳහා ගෙන යාමට සූදානමක් පවතින බවද හෙළිකළ යුතුය.

එබැවින් මෙම ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ මන්ත්‍රීවරුන්ට විවිධ වර්ගයේ අල්ලස් ලබාදී තම බලය රැකගත් බවයි. එබැවින් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, මෙම අල්ලස් ලබාදීමට හවුල්වූ ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය සම්පත් අල්ලස් ලෙස ලබාදීමට මැදිහත්වූ නිලධාරීන් සම්බන්දයෙන්ද, අල්ලස් ලබාගත් මැති ඇමැතිවරු සම්බන්ධයෙන්ද, පරීක්ෂණයක් සිදුකරනමෙන් මේ සමඟ අල්ලස් දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙත මා පැමිණිලි කරන බව දන්වමි.

ස්තූතියි,

මෙයට හිතෛෂී,

සමන්ත විද්‍යාරත්න,

ඌව පළාත් සභා මන්ත්‍රී,

 

The post ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිමි – සමන්ත විද්‍යාරත්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();