Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොතරැයි අලෙවි නියෝජිතයින් වර්ජනයකට.

Lotterry

ලොතරැයි අලෙවි නියෝජිතයන් වෙත ලබා දෙන කොමිස් මුදල දින 14ක කාලයක් තුළ ඉහළ නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන බව සමස්ථ ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කර ඇත.

එම සංගමය  පවසා සිටින්නේ, පසුගිය වසර තුනක කාලය තුළ ජනාධිපතිවරයා සහ බලධාරීන් අවස්ථා දෙකකදී අලෙවි නියෝජිතයින් වෙත ලබා දෙන කොමිස් මුදල ඉහළ දමන බවට පොරොන්දු වුවද එය මෙතෙක් ඉටුවී නොමැති බවයි. 2011 වසරේ සිට තමන්ට ලැබෙන කොමිස් මුදල ශත 25කින් ඉහළ දමන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළද බලධාරීන් ඒ සඳහා මෙතෙක් විසඳුමක් ලබා දී නොමැති බවත් එසේම පවතින ජීවන වියදම සැලකිල්ලට ගෙන වහාම ලබාදුන් පොරොන්දු ඉටුකරන ලෙසත් සමස්ථ ලංකා ලොතරැයි අලෙවි කරුවන්ගේ සංගමය පවසා සිටී.

එම සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ ලොතරැයි මණ්ඩල දෙකම වාර්ශිකව රුපියල් කෝටි ගණනක් අනවශ්‍ය වියදම් සඳහා යෙදවූවද ලොතරැයි මණ්ඩලයට ආදායම් උපයා ගැනීමට දායක වන අලෙවි නියෝජිතවරුන්ගේ කොමිස් මුදල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් එසේම 2009 වසරෙන් පසු මේ දක්වා කොතෙක් ජීවන වියදම ඉහළ ගියද ලැබෙන කොමිස් මුදල ඉහළ දමා නැතැයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.

The post ලොතරැයි අලෙවි නියෝජිතයින් වර්ජනයකට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();