Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලේක්හවුස් ක්‍රිකට් ශූරතාව ආරක්ෂක අංශයට

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සේවකයන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සභාපති සහ කළමනාකර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සංවිධාන කළ අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරගාවලිය සහ නෙට්බෝල් තරගාවලිය පසුගියදා ගුවන් හමුදා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය මහත්වරුන් ආරාධිතයන් ලෙසින් එක්වූ මේ අවස්ථාවට ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය සමගින් සේවක සේවිකාවෝ එක්ව සිටියහ. මේ එහි අවස්ථා කිහිපයකි.

අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී මුද්‍රණ දෙපාර්තමේන්තුව පරාජය කරමින් ශූරතාව අත්කර ගැනීමට ආරක්ෂක අංශ කණ්ඩායම සමත් විය. අවසන් තරගයේ දක්ෂතම පන්දු යවන්නා සහ සහ තරගාවලියේ වීරයා ලෙස ආරක්ෂක අංශය නියෝජනය කළ ඩබ්.ඒ.රංග ප්‍රියමාල් සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකරු ලෙස මුද්‍රණ දෙපාර්තමේන්තු‍වේ ඩී.ආර්.එස්.පෙරේරා සම්මාන දිනා ගත්තේය.

*************************************

නෙට්බෝල් තරගාවලිය ජය  උදුලා පීරිස්ගේ නායකත්වයෙන් යුත් කහ කණ්ඩායම


කහ, රතු සහ කොළ ලෙස කණ්ඩායම් 3කගේ සහභාගිත්වයෙන් පැවැති නෙට්බෝල් තරගාවලිය ජය ගැනීමට උදුලා පීරිස්ගේ නායකත්වයෙන් යුත් කහ කණ්ඩායම සමත් විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රන්දලී පබසරා සම්මාන දිනාගත් අතර උදුලා පීරිස් දක්ෂතම පන්දු විදින්නිය ලෙස සම්මාන දිනා ගත්තාය.

 

ඡායාරූප - රංජිත් අසංක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();