Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලසිත ගුණරත්න රග්බි මුල් පුටුවට

Author(s): 
ෆවුස් මොහොමඩ්
ඉදිරිපෙළ (වමේ සිට) දිනේෂ් පෙරේරා, තුසිත පීරිස්, නසීම් මොහොමඩ්, ලසිත ගුණරත්න, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රිස්ලි ඉල්යාස්, සුසන්ත මෙන්ඩිස්, පසුපෙළ (වමේ සිට) තිලාංගනී වරකාගොඩ, මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ, ෆසාල් මො‍හොමඩ්, ජූඩ් පිල්ලේ, රොෂාන් ඩීන්, තුවාන් ඩූල්, ශම්රාත් ප්‍රනාන්දු.

ජාත්‍යන්තර රග්බි තරග බිමේදී සත් සාමාජික තරග අංශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැනටමත් දස්කම් අතර සිටින බැවින් ඉදිරියේදී 15 සාමාජික රග්බි තරග අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්වූ ලසිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර රග්බි ආයතනයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ ලසිත ගුණරත්න මහතා පෙරේදා (21) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති රග්බි ආයතනයේ නිලවරණයේදී සභාපති තනතුරට පත්වුයේ නිතරගයෙනි. මෙවර නිලවරණය සඳහා වෙනත් පාර්ශ්වයක් ඉදිරිපත් නොවූ අතර සභාපතිධුරය ඇතුළු සියලු තනතුරු සඳහා නිලධාරී මණ්ඩලය නිතරගයෙන් පත්වීම කැපී පෙනුණි. මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද එක්විය.

ඉදිරියේදී ආසියානු 15 සාමාජික සෑම තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකා රග්බි පිලේ හිටපු ක්‍රීඩකයකු වන ගුණරත්න මහතා 'දිනමිණ'ට කීවේය.

'15 සාමාජික තරගවලට අපි ඉදිරිපත් විය යුතුයි. එම තරග අංශයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද කියා තහවුරු කරගෙන එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට මං බලාපො‍රොත්තු වෙනවා. ඒ වගේම සං‍ශෝධිත රග්බි ව්‍යවස්ථාවට අනුව පැවැති නිලවරණයෙන් පාසල් රග්බි සංගමයේ නියෝජිතයන් තිදෙනකුටම රග්බි ආයතනයේ තනතුරු සඳහා පත්වීම නිසා අපිට ඉදිරියේදී පාසල් රග්බි සංගමය සමගත් ඉතා සමීපව කටයුතු කිරී‍මේ අවස්ථාව ලැබෙනවා. එය මෙරට රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධියට හේතුවනු ඇතැයි මට විශ්වාසයි.' නව සභාපතිවරයා සඳහන් කළේය.

රග්බි ආයතනයේ ව්‍යවස්ථාවේ සංශෝධනයත් සමග මෙවර නිලවරණයේදී පළමුවරට නියෝජ්‍ය සභාපතිවරයකු තෝරා පත් කරගත් අතර හිටපු ලේකම් රිස්ලි ඉල්යාස් මහතා ඒ තනතුරට පත්විය. මීට අමතරව සංශෝධිත ව්‍යවස්ථාවට අනුව උපසභාපතිවරු 2ක් ද, පළමුවරට විධායක කමිටුවට කාන්තා නියෝජනයක් ද ඇතුළත් වී තිබේ. ඒ තනතුර සඳහා කාන්තා රග්බි පිලේ හිටපු කළමනාකාරිනියක වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික වින්ග් කමාන්ඩර් තිලාංගනී වරකාගොඩ මහත්මිය පත්වූවාය.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය

සභාපති - ලසිත ගුණරත්න, නියෝජ්‍ය සභාපති - රිස්ලි ඉල්යාස්, උපසභාපතිවරු - නසීම් මොහොමඩ්, සුසන්ත මෙන්ඩිස්, ලේකම් - තුසිත පීරිස්, භාණ්ඩාගාරික - දිනේෂ් පෙරේරා

විධායක කමිටුව - ෆසාල් මොහොමඩ්, ජූඩ් පිල්ලේ, රොෂාන් ඩීන්, මේජර් ‍ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ශම්රාත් ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ, තුවන් ඩූල්, තිලාංගනී වරකාගොඩ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();