Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තිසරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය

 නායක තිසර පෙරේරා වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67ක ජයක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 275ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශ ‘ඒ’ පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 208ක් පමණි.

ලකුණු 46ක් රැස්කරමින් අල් අමීන් හුසේන් බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර සහ නිශාන් පීරිස් කඩුලු 3 බැගින් දවා ගත්හ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න පිටියෙන් ඉවත් කිරීමට අල් අමීන් හුසේන් සමත් විය.

අනතුරුව තරංගට එක්වූ අශාන් ප්‍රියංජන් මුළු ලකුණු 58ක් වෙද්දී නයිම් හසන්ගේ පන්දු හමුවේ ලකුණු 21කට දැවී ගියේය. සම්මු අශාන්ද (10) හසන්ට ගොදුරු වූ අතර සන්සමුල් ඉස්ලාම් පිට පිට ඕවර 2කදී දසුන් ශානක සහ උපුල් තරංග පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ශානක ලකුණු 17ක් රැස්කළ අතර පන්දු 54කදී හතරේ පහර 4ක් සහ හයේ පහර ක් සමගින් ලකුණු 44ක් ලබාසිටි තරංග ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 103ක් විය.

කඩුලු 5ක් බිඳ වැටී තිබියදී පිටිය පිවිසි නායක තිසර පෙරේරා ඉනිම ගොඩනැගීමේ සටනක නිරත වෙද්දී බංග්ලාදේශ පන්දු යවන්නෝ ලකුණු 8ක් තුළ ෂෙහාන් ජයසූරිය (12) සහ මිනෝද් භානුක (2) පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල දැඩී අසීරු තත්ත්වයකට පත් කළද නායකයා සමග එක්වූ මලින්ද පුෂ්පකුමාර (8) 8 වැනි කඩුල්ලට ලකුණු 77ක් එක්කරමින් ලකුණු පුවරුව 206 දක්වා ඉදිරියට ගෙන ගියේය.

වේගවත් පිතිහරඹයක නිරතවූ තිසර පෙරේරා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට පන්දු 88කදී ලකුණු 111ක් රැස්කර තිබුණේ හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමගිනි.

ඔහුට අනගි සහයක් ලබාදුන් ෂෙහාන් මධුසංක පන්දු 36කින් ලකුණු 36ක් ඉනිමට එක් කළේය.

පන්දු යැවීමේදී නයීම් හසන් කඩුලු 3ක්, සන්සමුල් ඉස්ලාම් සහ සොරිෆුල් ඉල්සාල්ම් කඩුලු 2 බැගින් දවාගත්හ.

දෙපිල අතර තෙවැනි හා අවසන් එක්දින තරගය මේ 22 දා සිලට්හිදීම පැවැත්වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();