Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාල්ල දිස්ත්‍රික්කය කඹ ඇදීමේ ශූරතා දිනයි

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධාන කළ දකුණු පළාත් අන්තර් දිස්ත්‍රික් කඹ ඇදීමේ තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා දිනා ගැනීමට ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී මාතර දිස්ත්‍රික්කය පරාජය කිරීමට ගාල්ල පිල සමත්වූ අතර කාන්තා අවසන් තරගයේදී ගාල්ල කණ්ඩායම හමුවේ හම්බන්තොට කණ්ඩායම පරාජයට පත්විය.

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ තරගාවලිය පැවැත්විණි.

ජාතික ක්‍රීඩා උළෙල සඳහා සූදානම්වන මාතර , ගාල්ල , හම්බන්තොට දිස්ත්‍රික්කයන්හී කණ්ඩායම් මේ තරගාවලියට ඉදිරිපත් විය.

විජිත සල්ගාදු
අකුරැස්ස මධ්‍යම විශේෂ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();