Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආධුනික කැරම් යුගල තරගවලදී ගුවන් හමුදාවෙන් සහ සමුද්‍රදේවී බාලිකාවන්ගෙන් දස්කම්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කරන වසර මැද ආධුනික කැරම් තරගාවලියේ දී පිරිමි යුගල ශූරතාව දිනා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනෙත් දුලක්‍ෂණ හා එවෝන් වික්‍රමසිංහ සමත්වූ අතර නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ දිල්ශා ප්‍රසාදිනී සමග වින්දි දිලන්යා කාන්තා යුගල ශූරතා දිනා ගැනීමට සමත් වූහ.

කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැත්වෙන තරගාවලියේ පිරිමි යුගල අවසන් තරගයේදී දිනෙත්-එවෝන් හමුවේ තියුණු තරගයකින් අනතුරුව නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ කවිඳු පැතුම් හා බවන්ත පන්සිළු වට 2-1කින් පරාජයට පත්විය. ලකුණු තත්ත්වය වූයේ 25/19, 23/24 සහ 25/0කි.

පිරිමි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ නලීන් ජයශාන්ත සහ දුෂ්සන්ත නදීශාන් දිනා ගත්හ.

සමුද්‍රදේවී බාලිකාවන් විසින් කාන්තා අවසන් තරගයේදී නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ යේශානි කෞෂල්‍යා සහ දේශානි කෞෂල්යාට එරෙහිව තරග වට 2/0ක (23/20, 25/07) පහසු ජයක් අත්කර ගත්හ. එහි තෙවැනි ස්ථානය මහාමායා බාලිකාවේ මාෂා නිර්මාණි සහ නෙත්මා සෙව්මිනි සතුකර ගත්හ.

මේ තරගාවලිය කේවල සහ යුගල ලෙස පැවැත්වෙන අතර කේවල තරග මේ 29 වැනිදා දක්වා පැවැත්වේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();