Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීය යොවුන් පිලෙන් ලකුණු 589ක්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකාව තවත් ලකුණු 168ක් පසුපසින්

අයුෂ් බදෝනි නොදැවී දියත් කළ විශිෂ්ට ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග එන්.සී.සී පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 589ක් රැස් කිරීමට සංචාරක ඉන්දීය යොවුන් පිල සමත් විය.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 3ක් දැවී ලකුණු 177ක් රැස්කර තිබිණි.

කඩුලු 7ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 168ක් පසුපසින් සිටී.

පසිඳු සූරියබණ්ඩාර ලකුණු 20ක් සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 19ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

ලකුණු 104ක් රැස්කරමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට නිශාන් මධුසංක සමත් විය. හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ඇතුළත්වූ ඔහුගේ ඉනිමට වැයවූයේ පන්දු 118ක් පමණි.

කමිල් මිෂාර ලකුණු 13කටත්, නායක නිපුන් ධනංජය ලකුණු 20කට දැවී ගියහ. බිඳ වැටුණු කඩුලු 3 ම මෝහිත් ජංග්රාගේ නම ඉදිරියේ සටහන් විය.

ඉන්දීය යොවුන් පිල ඊයේ තරගයේ දිවා විවේකයට පෙර දැවී ගියේ අවසන් කඩුලු 5 සඳහා තවත් ලකුණු 116ක් එක්කර ගැනීමෙනි.

දෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරන විට ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 473ක් රැස්කර තිබිණි.

නොදැවී ලකුණු 107ක් ලබාසිටි අයුෂ් බදෝනි ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටිමින් තවත් ලකුණු 78ක් එක්කර ගැනීමට සමත් විය. පන්දු 205ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 19කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.

දිනය අරඹන විට අයුෂ් සමගින් නොදැවී කඩුල්ලේ රැදී සිටි නෙහාල් වදේරාට තවත් එක්කර ගත හැකිවූයේ එක් ලකුණක් පමණි.

ඔහු කල්හාර සේනාරත්නගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 82කට දැවී ගියේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කල්හාර කඩුලු 6ක් දවාගත් අතර කලණ පෙරේරා කඩුලු 2ක් බිඳ හෙලීය.

අද තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම - 244යි. (ඕවර 70.3) පසිඳු සූරියබණ්ඩාර 69, නිෂාන් මධුසංක 39, නිපුන් ධනංජය 39, සඳුන් මෙන්ඩිස් 39 (අයුෂ් බදෝනි 24/4, හර්ෂ් ටියාගි 92/4) සහ දෙවැනි ඉනිම - 177/3 (ඕවර 60) නිශාන් මධුසංක 104 (මෝහිත් ජංග්රා 53/3)

ඉන්දීය යොවුන් පිල පළමු ඉනිම - 589යි. (ඕවර 107) අයුෂ් බදෝනි නොදැවී 185, නෙහාල් වදේරා 82, අනුජ් රවාට් 63 (කල්හාර සේනාරත්න 170/6, කලණ පෙරේරා 107/2)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();