Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රත්රන් තොගයක් සහිත දිරාගිය නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලේ

රත්රන් තොගයක් ඇති බවට සැක කෙරෙන පැරණි දිරාගිය නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලෙන් සොයාගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
 
මෙය රුසියාවට අයත් නෞකාවක් ලෙස විශ්වාස කෙරේ. මීට වසර 113 කට පෙර එය මුහුදුබත්වී ඇති බව සදහන්ය. 
 
මෙම නෞකාව සොයාගෙන ඇත්තේ දකුණු කොරියානු සමාගමක් වන ෂිනිල් සමූහය විසිනි. ඩිමිත්‍රි ඩොන්ස්කොයි නැමැති අදාළ නෞකාව දකුණු කොරියා, ජපාන යුද්ධය පැවති සමයේදී මුහුදුබත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
 
අදාළ නෞකාව තුළ ඒ වන විට එහි කාර්ය මණ්ඩලයේ වැටුප් එවකට රත්රන් මුදල්වලින් පැවැති බවට විශ්වාසයක් පවතී. ඒ අනුව නෞකාවේ ඇති රත්රන් වල වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 130 ක් ඉක්ම වියහැකි බව දකුණු කොරියා මාධ්‍ය සදහන් කළේය.
 
කෙසේ නමුත් මේ පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();