Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිඟිත්තාට මත්පැන් පෙවූ සිදුවීම – පියා ඇතුළු සිව් දෙනා රිමාන්ඩ්.

REMANDED_01

සමාජ ජාලා වෙබ් අඩවි තුළින් විකාශනය වූ කුඩා දරුවෙකුට මත්පැන් පොවන දර්ශනයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දරුවාගේ පියා සහ සෙසු පුද්ගලයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්ථා වේ. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(18) මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම සිදුවීම මීගලෑව පොලිස් වසමේ අංක 313, ගනන්ගමුව, මීගලෑව යන ලිපිනයේ පදිංචි නිවසේ දී සිදුව තිබෙන අතර මෙම  සිදුවීමට භාජනය වු දරුවා වයස අවුරුදු 1 යි මාස 1 වන පිරිමි දරුවෙක් වන බවත් සඳහන් වේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 16 වන දා දරුවා අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර තිබේ. මෙම සිදුවීම පසුගිය 14 වන දින සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය පවසයි.

වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ අංක 308 අ වගන්තිය යටතේ වු ළමයින් කෲරත්වයට පත් කිරීමේ වරද සම්බන්ධයෙන් අදාළ  සිඟිත්තාගේ පියා ඇතුළු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

The post සිඟිත්තාට මත්පැන් පෙවූ සිදුවීම – පියා ඇතුළු සිව් දෙනා රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();