Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Air Tatto – 2018 අද සිට.

Sri_Lanka_Air_Force
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ප්‍රදර්ශනය හා සැණකෙළිය Air Tatto – 2018 අද (20) සිට 22 දින දක්වා වීරවිල ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පැවැත්වෙන බව සඳහන් වේ. මෙම ප්‍රදර්ශනය පස්වරු 2.00 සිට පස්වරු 10.00 දක්වා මහජනතාව වෙත විවෘත ව පවතී.
මෙම ප්‍රදර්ශනයේ දී ගුවන් හමුදාවේ පෞඩත්වය පිළිඹිමු කරමින් ගුවන් හමුදා ආරම්භයේ සිට මේ දක්වා විකාශය, එදා මෙදා තුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රටටත් ජනතාවටත් සිදුකළ කාර්යභාර්ය හා සේවාවන් පිළිබඳ ජනතාව දැනුම් කිරීම සිදු කෙරෙන බව පැවසේ.
මෙම ප්‍රදර්ශනය ගුවන් කරනම්, සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකා භටයන්ගේ ගුවන් යානා මගින් සිදුකරන මුදවාගැනීමේ සජීවි සංදර්ශන, පැරිෂුට් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, සරඹ සහ තූර්ය වාදන සංදර්ශන, ප්‍රදර්ශන කුටි, වෙළෙඳ කුටි සහ රාත්‍රී සංගීත සංදර්ශන ඇතුළු අංගයන් රැසකින් සමන්විත වන බව වැඩිදුරටත් සඳහන් වේ.

The post Air Tatto – 2018 අද සිට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();