Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට සිතාසි.

gotabhaya-rajapaksha

ඉකුත් රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 80කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියෙ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනෙකුට සැප්තැම්බර් මස 07  වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

අදාළ පැමිණිල්ල අද(20) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ අනුව ඒ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු  හත්දෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම පිළිගෙන ඇති අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට සැප්තැම්බර් මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර ඇතැයි වාර්ථා වේ.

The post ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට සිතාසි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();