Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕස්ට්‍රේලියා රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට.

woman-arrest

ඕස්ට්‍රේලියා රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකළ කාන්තාවක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරු මත ඕස්ට්‍රේලියානු  රැකියා ලබාදෙන පවසමින් මුදල් එක් රැස් කළ මෙම කාන්තාව  බත්තරමුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්තඅඩංගුවට ගෙන ඇති බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාරිය රු.2,250,000 ක මුදලක් හා ගමන් බලපත්‍ර ලබා ගනිමින් සිට ඇති බවත් පැවසේ.

මේ පිළිබදව වැඩිදුර විමර්ශනය කිරීමේදී මෙම කාන්තාව දිවයින පුරා විවිධ පුද්ගලයින්ගෙන් රු.9,800,000කට ආසන්න මුදලක් වංචාකර ඇති බව හෙළිවී ඇති අතර මෙම සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

මෙම වංචාවට හසුවූ තවත් අය මේ වන විට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කරමින් පවතින බව පැවසේ.

නීති විරෝධී ලෙස විදේශ රැකියා ලබාදීම සදහා මුදල් ලබාගන්නා ජාවාම්කරුවන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසා සිටී.

මෙවැනි ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයට තොරතුරු ලබාදෙන ලෙස නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post ඕස්ට්‍රේලියා රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();