Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇවන්ට්ගාඩ් නඩුව ඔක්තෝබර් 30 දක්වා කල්යයි

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අභියාචනාධිකරණය මගින් ලබාදී තිබු තාවකාලික තහනම් නියෝගය හේතුවෙන් එම නඩුව ලබන ඔක්තෝබර් 30 වැනි දා දක්වා කල්තැබීමට නියෝග කෙරිණ.

එ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුවයි.

එහිදී ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට පැවසුවේ අභියාචනාධිකරණය මගින් තාවකාලික වාරණ නියෝගයක් පනවා ඇති බැවින් මෙම නඩුව කල්තබන ලෙසයි.

මෙම සිද්ධියේ පළමු චුදිතයා වු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු චුදිතයන් 07 ක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට අවකාශය සලසමින් කෝටි 1140 ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම පවරා තිබු නඩුව අද අධිකරණය හමුවේ කැඳවිණි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();