Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමති අකිලගෙන්, හිටපු ජනපතිට අභියෝගයක්.

 

Akila_Minister_12

චීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකි නම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,  හිටපු ජනාධිපතිවරයාට අභියෝග කර සිටී. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමේ දේශපාලනය කරන ඇතැමුන් හැමවිටම සිටින්නේ වීදුරු ගෙවල්වල බව නොදැන සිටීම කණගාටුදායක තත්ත්වයක් බවයි. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ, උතුරු නැගෙනහිර පුදේශයන්හි සේවයේ නියුතු අනධ්‍යයන සේවකය සේවිකාවන් සමඟ පැවැති හමුවකට එක්වෙමිණි.

නීති අධිපත්‍ය අධිකරණ පද්ධතියට පවා මැදිහත් වී අත පෙවීම් සිදු කරමින් අපරාධ යට ගසා ගැනීමේ උත්සාහයන් කිසිවෙකුට  හෝ  ඉඩ නොතබන බව ද  සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා විශේෂ අධිකරණ පද්ධතියක් වහා ස්ථාපිත කොට තරාතිරම නොබලා කඩිනමින් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කර ඇති බවත්  සඳහන් කළේය.

මීට අමතරව බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂගේ  අරමුදලකට චීන සමාගමක් විසින්  කෝටි ගණනක මුදල් ලබා දී ඇති බව හෙළි වී ඇතැයි ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ඒවා ව්‍යාපෘති වියදම් ලෙසින් ගණන් බලා රටේ ජනතාවගේ ණය මුදල් ලෙස අය කර ගෙන ඇති බවද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි වංචාවන් දූෂණ සහ අපරාධයන්  වසා ගැනීම සඳහා ආගම්වාදය සහ ජාතිවාදය වපුරමින් කටයුතු කරන කණ්ඩායම්වලට ජනතාව විසින් ඉදිරියේ දී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් වැඩිදුරටත් සඳහන් කළේය.

The post ඇමති අකිලගෙන්, හිටපු ජනපතිට අභියෝගයක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();