Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විග්නේෂ්වරන්ගේ තහනම් නියෝගය දිගුවෙයි

උතුර පළාත්, ප්‍රවාහන, ධීවර හා ග්‍රාමීය කටයුතු පිළිබද අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් සිය ධුරයෙන් ඉවත් කරමින් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම යලි දීර්ඝ කර තිබේ.

මේ මස 27 වනදා දක්වා මෙම අතුරු තහනම දීර්ඝ කරනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා හමුවේ පෙත්සම කැදවූ අවස්ථාවේදීයි.

අභියාචනාව පිළිබදව විරෝධතා ඇත්නම් ලබන 23 ගොනුකරන ලෙස ද, සී.වී විග්නේෂ්වරන් ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කෙරිණ.

හිටපු ඇමතිවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටින්නේ දූෂණ චෝදනා එල්ල කරමින් තමන්ව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී තීන්දු කළ බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක අමාත්‍යවරයකු නෙරපීමේ බලය එම පළාතේ ආණ්ඩුකාර වරයාට පමණක් සතු වී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු ප්‍රධාන අමාත්‍යවරයාට අමාත්‍යවරුන් ඉවත් කිරීමේ බලතල පැවරී නොමැති බව ද පෙන්වා දී අැත.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();