Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක්

 විනාඩියක් ඇතුළත සිය උදරය මත තබාගනිමින් කඩුවකින් කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක් තැබීමට අෂ්රිටා ෆර්මන් නැමැති අයෙක් සමත් වෙයි.

අෂ්රිටා ෆර්මන් දැනටමත් ගිනස් ලෝක වාර්තා 203 කට හිමිකම් කියනු ඇත. ඔහු මීට පෙර ගිනස් ලෝක වාර්තා 600 ක් තබා තිබේ.

මේවන විට 63 හැවිරිදි වියෙහි පසුවන අෂ්රිටා ෆර්මන් අමෙරිකානු ජාතිකයෙකි.

මීට පෙර මෙසේ උදරය මත තබා කොමඩු කැපීමේ වාර්තාවට වඩා කොමඩු ගෙඩි හයක් වැඩිපුර කැපීමට ඔහු මෙවර සමත්විය. ඉතා මුවහත් කඩුවකින් මෙම කොමඩු කපා වෙන්කරන ලද අතර එය ඉතා භයානක ක්‍රියාවක් බව ගිනිස් ලෝක වාර්තා කමිටුව ද ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් අෂ්රිටා ෆර්මන් ප්‍රකාශ කර ඇත්තේ මෙය ඉතා අන්තරාදායක බවය. නිසි ඉලක්කය හා නිවැරදි ශක්තිය එකතුවූවක් ලෙස මෙම ක්‍රියාව ඔහු විසින් හදුන්වා දී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();