Ticker

6/recent/ticker-posts

Header Ads Widget

A/L හා ශිෂ්‍යත්වය වෙනුවෙන් උපකාරක පන්ති තහනම් වෙයි.

Department Of Examinations_News_Srilanka.

2018 අ.පො.ස උසස් පෙළ විභාගය වෙනුවෙන්, 2018 ජූලි මස 31 වන දින මධ්‍යම රාත්‍රීයේ සිට 2018 සැප්තැම්බර් මස 1 වන දා දක්වා විභාග අපේක්ෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති අතර  5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව 2018 අගෝස්තු මස 1 වන දා මධ්‍යම රාත්‍රී 12 යේ සිට, විභාගය අවසන් වන දින දක්වා උපකාරක පන්ති තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව, විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙය වීම ද තහනම් වෙනු ඇත. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩ මුළු පැවැත් වීම මෙමඟින් තහනම් වෙයි. එමෙන්ම උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා ඒවා බෙදා හැරීම ද තහනම් වෙයි. විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ සමාන ප්‍රශ්න ලබා දෙන බවට හෝ පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වෙනු ඇත.

යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලබයි නම් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය විභාග පනත යටතේ වරදකරුවෙකු වෙනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. මේ අතර කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර ඇත.

පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අදාළ පැමිණිලි සිදු කළ හැකියි.

පොලිස් මූලස්ථානය – 0112421111

පොලිස් හදිසි ඇමතුම් අංකය – 119

ක්ෂණික ඇමතුම් අංකය(වි.දෙපාර්තමේන්තුව) – 1911

පාසල් විභාග සංවිධාන ශාඛාව – 0112784208 / 0112784537

The post A/L හා ශිෂ්‍යත්වය වෙනුවෙන් උපකාරක පන්ති තහනම් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();