Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ නගර සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළට. එයින් ලක්ෂ 14කට අධික මුදලක වැය බරක්.

Colombo_CMC

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වැටුප් දීමනාවට අමතරව දුරකථන දීමනාවක්, ගමන් දීමනාවක් සහ මුද්දර දීමනාවක්, තැපැල් ගාස්තු දීමනාවක් වශයෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 13000 ක මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් වේ.

නාගරික මන්ත්‍රීවරයකුට මෙතෙක් දුරකථන දීමනාව ලෙස රුපියල් 6,000ක් ලැබුණු අතර එම දීමනාව රුපියල් 10,0000 දක්වා වැඩිකර තබෙන බවත්, රු.6,000 තිබූ ගමන් වියදම් දීමනාව රුපියල් 12,000ක් දක්වාද රුපියල් 1000ක්ව තිබූ මුද්දර හා තැපැල් දීමනාව රුපියල් 3,000 දක්වා ද වැඩි කර ඇති බව පැවසේ.

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් 119 දෙනෙකු වන අතර ඔවුන්ගේ අමතර දීමනා ඉහළ නැංවීම නිසා රුපියල් ලක්ෂ 14කට අධික මුදලක වැඩි බරක් දැරීමට සිදුව ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

මහනගර සභාව ඉකුත්දා පැවැති මහ සභා රැස්වීමේදී දීමනා වැඩි කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති අතර ජවිපෙ මන්ත්‍රීවරුන් හය දෙනා පමණක් විරෝධය දක්වා තිබේ.

The post කොළඹ නගර සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළට. එයින් ලක්ෂ 14කට අධික මුදලක වැය බරක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();