Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ මිෂනාරි පුණ්‍යායතනයක කතක් දින 14ක දරුවෙක් විකුණලා

දරුවන් විකුණා ඇති බවට සැක‍ තවත් කාන්තාවන් 2ක් රැඳවුම් භාරයට

ඉන්දියාවේ තෙරේසා මව්තුමිය මිෂනාරි පුණ්‍යායතනයේ සේවය කරන කාන්තාවක් දින 14 ක් වයසැති දරුවකු විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ අයුරින් දරුවන් විකුණා ඇති බවට සැක‍ කෙරෙන තවත් කාන්තාවන් දෙදෙනෙකු ද රැඳවුම් භාරයට ගෙන තිබේ.

ඉන්දියාව පුරා පිහිටුවා තිබෙන මේ මිෂනාරි පුණ්‍යායතනය මගින් අවිවාහක ගර්භණී කාන්තාවන් සඳහා අනාථ නිවාස පවත්වා ගෙන යන නමුත් දරුවන් හදාගැනීමේ කටයුතු සිදු නොකරයි.

දරුකමට හදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන දැඩි නීති මෙන්ම ඉතා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු වීම හේතුවෙන් දරුවන් නොමැති මවුපියන් නීතිවිරෝධී ලෙස දරුවන් මිලදී ගැනීමට පෙළඹෙන තත්ත්වයක් දැකිය හැකිය.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ජර්කාන්ද් ප්‍රාන්ත රජයේ ළමා සුබසාධන කමිටුව විසිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();