Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික වැඩපිළිවෙළක් වෙනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදක කමිටු 10ක්..

lnc 4

ජාතික විද්වත් සංවිධානය විසින් පසුගිය 14වැනිදා පවත්වන ලද ජාතික කතිකාවේදී රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සකස් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සඳහා ක්ෂේත‍්‍ර දහයක ප‍්‍රතිපත්ති සම්පාදන කමිටු 10ක් පත් කරන ලදී.  ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, කලාව හා සංස්කෘතිය, පරිසර, කෘෂිකර්ම ධීවර හා පශු සම්පත්, තොරතුරු තාක්ෂණය, ක‍්‍රීඩා, ප‍්‍රවාහන යන ක්‍ෂේත‍්‍ර සඳහා මෙම විද්වත් කමිටු දහය පත්කරන ලදී. මෙම කමිටු සඳහා සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්වය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, කලාකරුවන්, ගොවි, ධීවර සමිති නායකයින්, වෘත්තීය සමිති නායකයින්, ව්‍යාපාරිකයින්, පරිසරවේදීන්, ප‍්‍රවීණ ක‍්‍රීඩකයින්, ගුරුවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විද්වතුන් වෘත්තිකයෝ ඇතුළත්ව සිටිති. මේ වැඩපිළිවෙළ සඳහා දේශපාලන පක්ෂයක් ලෙස දායක්ත්වය ලබාදීමට ජාතික විද්වත් සංවිධානයෙන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා ලැබී තිබේ. ඉදිරි මාස 06 ඇතුළත මෙම කමිටු 10 මගින් අදාළ ක්ෂේත‍්‍ර සඳහා ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට ජනතා අදහස් ලබාගැනීම, වැඩමුළු සංවිධානය කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට නියමිතය. එම ප‍්‍රතිපත්ති පාදක කොටගෙන ජාතික වැඩපිළිවෙළක් එළඹෙන ජනවාරි මස එළිදැක්වීමට ජාතික විද්වත් සංවිධානය කටයුතු කරමින් සිටියි.

“අපේ රට අද දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික හා සංස්කෘතික වශයෙන් බරපතළ පරිහානියකට පත්වී තිබෙනවා. ඒ ඒ ක්ෂේත‍්‍රවල විප්ලවීය පරිවර්තනයකින් තොරව අපේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ නැහැ. ව්‍යාජ දේශපේ‍්‍රමය වෙනුවට ඇත්තටම රට රකින බලවේගයක් නිර්මාණය කළ යුතුයි.” මෙහිදී ජවිපෙ නායකයා සඳහන් කළේය.

කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජේ. යෝගරාජාගේ ජාතික සමගිය පිළිබඳ දේශනය සභාවේ විශේෂ අවධානයක් යොමු විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සිය කතාවේදී සඳහන් කර සිටියේ තමන්ගේ එක් අතක් ජනපවුරේ තබාගෙන අනෙක් අතින් මහාචාර්ය යෝගරාජාගේ අත ස්පර්ශ කරන්නේ ඔහුගේ අදහස්වලින් තමන් ඉතාම සංවේදී වූ බව පවසමිනි. මෙම ජාතික කතිකාව අවසානයේදී පැමිණ සිටි විශාල පිරිසක් රටේ අනාගතය පිළිබඳව ඉතාමත් බලාපොරොත්තු සහගතව තැන තැන කතා බහ කරමින්ද ජාතික විද්වත් සංවිධානයේ සංවිධායකයින්ට ස්තූති කරමින්ද සිය කෘතඥතාව පළකිරීම විශේෂ කරුණක් විය.

The post ජාතික වැඩපිළිවෙළක් වෙනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදක කමිටු 10ක්.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();