Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමති නිමල් සමඟ ඒකාබද්ධය ඇවිලෙයි.

Joint

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමට ගෙන ඇති තීරණය හකුළාගන්නැයි ඉල්ලා සිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හමුවීමට ගිය අවස්ථාවේදී ඇමතිවරයා හා එම මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුමවාරුවක් සිදු වී ඇතැයි සඳහන් වේ. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට ඊයේ පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය දේශීය සම්පත් විකිණීම හෝ විනාශ කිරීම නොවන බැවින් ශ්‍රීලනිප ඇමතිවරයෙකු වශයෙන් මත්තල ගුවන්තොටුපළ ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසයි.

මත්තල ගුවන්තොටුපළ ඉන්දීය සමාගමකට පැවරීමට රජය ගෙන ඇති ස්ථාවරය වෙනස් නොකරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තිබුණද එවැනි දේවල් ඕනෑ තරම් සිදුව තිබෙන බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා එම අවස්ථාවේදී පවසා ඇත.

පැය  ½ක පමණ කාලයක් පැවැති මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, රංජිත්ද සොයිසා, ජානක වක්කුඹුර, සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, සිසිර ජයකොඩි, මහින්දානන්ද අලුත්ගමගේ යන අය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව ඇත.

The post ඇමති නිමල් සමඟ ඒකාබද්ධය ඇවිලෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();