ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වුණේ ජීවිත පරිත්‍යාගයෙන් යුතුව විශාල කැප කිරීමක් කරමින් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තේරී පත් වු නවක මහජන නියෝජිතයන් වෙනුවෙන් සංවිධාන කර තිබු සුහද හමුවකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
කවුරු මොන දේ ප්‍රකාශ කළත් එදා මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කැප කිරීම කිසිවකු කිසිවිටක අමතක නොකළ යුතු බව ද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
එදා මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය වුයේ නම් සරත් ෆොන්සේකා මහතාගෙන් අතීතයේ පළි ගත්තාටත් වඩා වැඩියෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පළි ගැනීමට ඉඩ තිබු බව ද හෙතෙම සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාව එදා ජයග්‍රහණය කර වුයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් බවත් එතුමා ඒ කාරණාව අමතක කර නැති බවත් පැවසු ඇමැතිවරයා, ජනාධිපතිතුමා විවේචනය කර ආණ්ඩුවේ නැති අවුල් හදන්න නොයන්නැයි නවක මහජන නියෝජිතයන්ට අවවාද කළේය.
එතුමා දැනටත් අපේ ජනාධිපතතුමා බව කී ඒ මහතා, අපි ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් පත් කර ගත්ත ද එතුමාට දිය යුතු ස්ථානය ඉදිරියට ද ලබා දීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේද කීය. රටකට ඕනේ ප්‍රතිපත්ති වශයෙන් රටක් නිවැරැදිව ගෙනියන්න පුළුවන් කෙනෙක්. රටට ආදරය ඇති දැක්මක් ඇති නායකයකුට සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. කවුරු මොනව කීවත් එක්සත් ජාතික පක්ෂයේ සිටින හොඳම ජනාධිපති අපෙක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතායි.
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජනාධිපති කිරිමට සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදෙලෙස ඉල්ලා සිටිනවා.
අපේ රජයේ අඩුපාඩු තියෙනවා. නමුත් අපි රට නිවැරැදිව ගෙනියන්න ඕනෑ. රටක් දියුණු කිරීමට සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. අන්න ඒ කුලුනු දෙකට දැන් අත්තිවාරම් දමා හමාරයි.
මේ රජයේ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන්න පුළුවන්වුණේ රටෙ ජනතාවට කවදාවත් නැති නිදහසක් ලැබී තිබෙන නිසායි. අපි බලාපොරොත්තුවු ඡන්ද ප්‍රතිඵලය පෙබරවාරි 10 නොලැබුණත් ඒ හරහා මීටපෙර නොතිබු ලොකු ශක්තියක්, ගමක් ගමක්ගානේ ලැබී තියෙනවා. මනාප ක්‍රමය යටතේ පාක්ෂිකයන්ට වාසියක් තිබුණත් ගමේ සිටිනපිරිසට කිසිම මන්ත්‍රීවරයකු නැතිව තිබු කාලයක් තිබුණා. අලුත් මැතිවරණ ක්‍රමයේ හොඳමදේ ගමට මන්ත්‍රීවරයකු ලැබීමයි.
එදාට වඩා අද මහා දේශපාලන පෙරළියක් ඇතිවෙලා. ගම්වලට කොට්ටාසයෙන් කොට්ඨාසයට කාන්තාවන් පත් වුණා. අනුපාතෙන් පත්වුණා ද, කියන එක අදාළ නැහැ. හැම කෙනෙක්ම මන්ත්‍රීවරයෙක් බව සිතන්න. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණාම නිතරම බැනුම් අහන්නේ ඔබයි. පෙට්‍රල්මිල වැඩිවුනාම එළියට බහිනවිට දැන් සැපද? කියා අහනවා. අපි හැමදෙයක්ම කරන්නේ වෛරයෙන් නොව මේ පුංචි රට ගොඩනඟල දරුවන්ට ලැබියයුතු තැන ලබාදීමටයි.
අපි ආණ්ඩුව ගන්න විට පෙට්‍රල් 117 යි. ඩිසල් 95 යි. භුමිතෙල් 45 යි. ලෝක වෙළෙඳපොළේ තෙල්මිල වැඩිවෙන විට ඉන්ධන බැරලයක් රුපියල් 80 ,100, යන ගණනට යන්න පුළුවන් බව අමෙරිකාවේ ඉන්න අය පවසනවා. මිල සුත්‍රය මිට පෙර සැකසුවානම් මෙම තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. මම 2015 මුදල් ඇමැතිවුනා නම් ගැලරියේ අප්පුඩියට අනවශ්‍ය සහන ලබා නොදී රට සංවර්ධනය කිරීමට හැකියාව තිබුණා. දැන් පොහොටුටුවේ
අය වෙනස සැපද කියා අහනවා. රාජපක්ෂ ආණ්ඩුවට වඩා තවමත් ඉන්ධන මිල අඩු බව මම ඒ අයට කියනවා.
අමෙරිකන් ඩොලර් 45ට ඉන්ධන තිබෙන අවස්ථාවේ ඉතාමත් අඩුවෙන් ඉන්ධන දීමට පුළුවන්කම තිබිය දී රාජපක්ෂවරු පෙට්‍රල් 157 කට, ඩිසල් 114 කට දුන්නා. ගැස්මිල රාජපක්ෂ යුගයට වඩා අඩුයි.
නාමල් බේබිලා නුවර ගිහින් රේස් පැද්දට, අපේ ආණ්ඩුවේ බේබිලාට එදා විදියට ලැම්බෝගිනි පාවිචිචිකරන්න චුන් ගහන්න දෙන්නේ නැහැ. අගොස්තු මාසයේ කඩිනම් සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. ගම්පෙරළිය නමින් සිදුකරන මෙම සංවර්ධන ව්‍යාපෘතියට අයවැයෙන් රුපියල් බිලියන් 30ක් වෙන් කර තියෙනවා. බිලියන් 55ක් වැයකර ලංකාවේ කුඩාවැව් 22,000ක් පිළිසකර කිරීමට පියවරගෙන තියෙනවා. ධිවරයන්ට ජුනි 1වෙනි දින සිට භුමිතෙල් සහනාධාරය ලබා දෙනවා. වතුකරයේ අයටත් මෙම සහනාධාරය ලබා දෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය එරන් වික්‍රමරත්න මහතා- දෙශපාලනය යනු දුරදිවීමේ තරගයක් බව සියලුම මන්ත්‍රීවරුන් හොඳින් මතක තබා ගතයුතුයි. වෙනසක් කරන්න යනවා නුමුත් අපිට ඒ සඳහා කිලසිමාව මදි.
හදිස්සි වුණොත් වැරැදි තීරණවලට එලඹී අපෙත් අපේ මිනිසුන්ගෙත් අනාගතය නැති කරගන්නවා. මෙම වසර 3කින් මැක්ක්‍රො ආර්ථිකය ස්ථාවර තැනකට ගේන්න පුළුවන් වුණා. අපි ආර්ථිකය ගෙනයන ක්‍රමයට ලෝකයේ ලොකු පිළිගැනීමක් ඇතිවෙලා තියෙනවා. දල දේශීය නිෂ්පාදනය 6% කින් අඩු වෙලා. අපිට මෙය පාලනය කරගන්න පුළුවන්. බදු රජයේ ආදායම බදු වියදම් කරන්නේ කාටද ? අළුත් බදු පනතක් ගේනවා. බදු ගන්නේ ආදායමක් තියෙන අයගෙන්. මේරටේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට වැනි මුලික දේවල්වලට බදු මුදල් වැයකරනවා.
මෙම අවස්ථාව අමතා මාතර නගර සභාවේ විපක්ෂනායක
උපුල් නිශාන්ත, මංගලසමරවිර ඇමතිතුමාගේ මාතර සම්බන්ධිකරණ ලේකම් උපුල් සිරි ගංහලආරචිචි යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.
මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොතරැයිය මණ්ඩලයේ සභාපති එච්.ආර් පියසිරි. දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන චතුර ගලප්පත්ති, ගයාන් සංජිව, කපිල ගමගේ , ගයාන් සංජිව දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සිරි විජේවික්‍රම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වි සිටියහ.
මාතර සමුහ
ඩබ්ලිව්.පි.ධර්මසේන සහ
වැලිගම සමුහ ටි.කේ මහින්ද


0 Comments