අනුරාධපුර යුගයේ ඓතිහාසික තොරතුරු ඉස්මතු කෙරෙන සුවිශේෂී පුරාවස්තු රැසක් කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරම ශ්‍රී අරහන්ත මහා විහාරයේ කළ කැණීම්වල දී සොයා ගැනේ.
පොළවේ සිට මීටර් 1ක් පමණ ගැඹුරකින් මුරකරුවකුගේ හෝ වාමන ප්‍රතිමාවක් යැයි අනුමාන කරන ලෝකඩ මූර්තියක් මෙහිදී සොයා ගෙන ඇති අතර එය සෙන්ටිමීටර් 4.5ක් උස් වන අතර දෙපසට විහිදුවා ගත් දෙපාවලින් යුක්තය. දකුණු අතින් දණ්ඩක් වැනි යමක් දරා සිටින අතර වම් අතර කැඩී ගොස් ඇති මෙහි කන් දෙකෙහි විශාල කර්ණාභරණ දෙකක් හා ගෙලෙහි මාලයක් පළඳා ඇත.
ඊට යාබඳ ව ඇතුන් දෙදෙනකු නිරූපණය කරන ලෝහමය සුවිශේෂි නිර්මාණයක් හමු වී ඇති අතර ඇතුන් දෙදෙනා එකට ඈදා ඇති පරිදි නිර්මාණය කර තිබේ. පාද, හොඩ, වල්ග හා කන් ආදිය ද පැහැදිලිව දැක ගැනීමට හැකියාව ඇති අතර සෙන්ටිමීටර් 2.2 ක් උස මෙවැනි ඇත් රූප හමු වී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
මෙම කැණීම්වල දී ඉපැරණි කාසි 24ක්, පබළු 16ක් හා මැටි බඳුන් කැබලි මෙන්ම පැරණි ඉදිකිරීමක අවශේෂ ද හමු වී තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෑගල්ල ව්‍යාපෘතිය යටතේ 2017 වර්ෂයේ දී මෙම කැණීම් කටයුතු ආරම්භ කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතාගේ අධීක්ෂණයෙන් කැණීම් කටයුතු සිදු කර ඇත. මේ වන විට මෙහි ඉදිරි පර්යේෂණ කටයුතු පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් සිදු කරයි.
වට්ටාරම රජ මහා විහාරය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වට්ටාරම ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති අතර අතීතයේ මෙම ප්‍රදේශය මායා රටට අයත් වුවකි.
අනුරාධපුර යුගයේ රජ පරම්පරාවක් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙම ස්ථානය හා සම්බන්ධ වී පවතින බව මෙහි ඓතිහාසික තොරතුරු විමර්ශනයේ දී පැහැදිලි වන බවත් දෙවනපෑතිස් රජුගේ මුණුපුරු ගෝඨාභය රජ සමයට මෙම ක්ෂේත්‍රය අයත් බව බොහෝ සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වී ඇති බවත් මධ්‍යඹ සංස්කෘතික අරමුදල පවසයි.
ලංකාවේ අවසන් රහතන්වහන්සේ ලෙස සැළකෙන මලියදේව හිමියන් මෙහි වැඩසිටි බවට ද තොරතුරු සඳහන් වන අතර එච්. සී.පීබෙල් මහතා ද කෑගලූ වාර්තාවේ මෙම භූමිය පිළිබඳ තොරතුරු සඳහන් කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම භූමියේ විවිධ කාල වකවානුවල පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු සිදුකර ඇති අතර 2017 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්මෙම භූමියේ පර්යේෂණ කැණීමක් සඳහා තෝරා ගනු ලැබූයේ එහි ඇති මලීමහාපාය ලෙස නම් කර ඇති භූමියට යාබද ගොඩනැල්ලයි. කැණීම් කිරීමට ප්‍රථම මෙම ගොඩැල්ල සහිත භූමිය, උඩට මතුව තිබූ ශේෂ වූ ගල් කණු කිහිපයකින් සමන්විත භූමියක් ලෙස දක්නට ලැබිණු බව ද එම අරමුදල පවසයි.
මෙම පුරා විද්‍යා කැණීම සිදුකිරීමට අරමුණු කිහිපයක් ඉවහල් වී තිබෙන අතර අනුරාධපුර යුගයේ සාධක කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඉස්මතු කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.


0 Comments